බදු සහන ගැන රජය සාකච්ඡා අරඹමින් සිටිනවා – ප්‍රසන්න රණතුංග

0

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවද ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය. කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *