අප්‍රසිද්ධියේ සහය දුන් අයටත් ජනපති තුති පුදයි

රට අස්ථාවර නිසා IMF සහයෝගය නොලැබෙන බව බොහෝ දෙනෙක් පවසද්දී, බොරු ප්‍රචාර පතුරුවමින් රට පාරට ඇද දැමීමට උත්සාහ දරද්දී රටේ බහුතර ජනතාව සන්සුන්ව සහයෝගය දැක්වූ බවත්, බොහෝ පිරිසක් අප්‍රසිද්ධියේ සහය දැක්වූ බවත්, ඒ සියලු දෙනාට තමන්ගේ ස්තුතිය පුද කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.