“රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහගත්තොත් ඊට එරෙහිව රජය තදින් ක්‍රියා කරනවා.” – ජනපති රනිල් වික්‍රමසිංහ

0

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කිරීමට නියමිත ණය සම්බන්ධ සුබවාදී පණිවුඩයක් ලැබී ඇති බවත් එම ණය නුදුරේදීම ලබා දීමට අදාළ කොන්දේසී රජයක් ලෙස අප ඉටු කොට ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශක් සිදුකරමින් සදහන් කොට සිටියේය. එසේම මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කඩාකක්පල් කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව තදින් ක්‍රියාත්මක වන බවද ඔහු එහිදී අවධාණය කොට සිටියේය.

ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසදුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මස මැද භාගයේ දී රජය තීරණය කරනු ලැබුවා. පැවැති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම 2022 අප්‍රේල් මස මැදි භාගයේ දී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බැව් ප්‍රකාශ කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වූණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දාග ඉන්ධන පෝලිම්ල ගෑස් පෝලීම්ල විදුලිය කප්පාදුවල ආහාර හිඟයල ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනයල රුපියල කඩා වැටීමල දිළිදුභාවය වැඩිවීම ආදී ගැටළු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.

2022 ජූනි මාසය පමණ සිට පැවැති ආර්ථික ගැටළු ක්‍රම ක්‍රමයෙන් යම් පමණකට නිරවුල් වීමේ උපනතියක් පෙන්නුම් කරනු ලැබුවා. පොහොර ලබා දීම මතල පසුගිය යල සහ මහකන්නයෙත් හොඳ අස්වැන්නක් අපට ලැබුණාග කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ද යථා තත්ත්වයට පත් වුණා.
‍රටේ පැවැති ආර්ථික ගැටළු ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස ස්ථායීකරණ වැඩපිළිවෙලකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි.

ගෑස් හා ඛනිජ තෙල් සුලභතාවය තහවුරු කිරීමල පාසල් හා විභාග නිසි ලෙස පවත්වාගෙන යාමල අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කිරීමල පොහොර ලබා දීමල සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීමග එමෙන්මල රජයට සිදු වුණා 2019 කාලයේ ක්‍රියාත්මක කල බදු ප්‍රතිපත්තිය වෙතම යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බදු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම ද.දේ.නිෂ්පාදියෙන් 8% ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්තිවලට යාමට සිදු වුණා.
ඒ වාගේම, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවුණා. දිගින් දිගටම ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වුණේ පොළි අනුපාත ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට සාමාන්‍ය උද්ධමනය 70% පමණ දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90% පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩිවන වේගය 50% දක්වා පමණ අඩු වී තිබෙනවා. එසේම, ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා.

අපට විදේශ ණය ගෙවීමට නොහැකි බැව් ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමඟ සිදු කරන මුල්‍ය ගනුදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුවල ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කළා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයි යන ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා.
මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ
■ අපනයන
■ විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංක්‍රාම
■ සංචාරක ව්‍යාපාරය තුළින්
රටේ හා සමාජයේ පැවැති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය 2022 වර්ෂය පුරාවටම සාර්ථක වුනේ නැත. නමුත් මෙම වසරේ එම තත්ත්වයෙන් හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැති මට්ටමෙන් 1/3 මට්ටමකට විදේශ විනිමය ප්‍රේෂණ අඩු වුණා. එය ද යළි වැඩිවීමේ උපනතියක් පෙන්නුම් කරනවා. අපනයන ආදායම ද වැඩි කර ගැනීමට උපකාරවන යෙදවුම් ආනයනය කිරීමට අපට දැනටත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ.
IMF සංවිධානය 2021 සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා. IMF සංවිධානය සමඟ 2022 මැද භාගයේ දී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා. එම දූත කණ්ඩායම් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂ අර්බුදයල රාජ්‍ය මූල්‍ය අර්බුදය මෙන්ම විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාග එමෙන්මල දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල් මරමින් ප්‍රමාද කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා.
2022 සැප්තැම්බර් මස 01 වන විට අප ෂඵත්‍ ආයතනය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත්ල ෂඵත්‍ ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවග එබැවින්, ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමඟ රජය දිගින් දිගටම සාකච්ඡා කළාග මේ සදහා Lasads සහ Clifford Chance නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහාය ද ලබා ගත්තාග එය දීර්ග හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුවල ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව හා චීනය සමඟ දිගින් දිගමට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවාග ඉන්දියාව එම සහතිකය 2023 ජනවාරි 16 ලබා දුන්නාග චීනය එය ජනවාරි 18 දින ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023.01.25 පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සමඟ IMF ණය ආධාර වැඩසටහන ගැන මාර්තු 02 දින සාකච්ඡා කළා.
IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදුකළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණාග විදුලි මිල ගණන් සංශෝධනයල ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනයල මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීමල උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීමල රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණයල සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීමල රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීමග ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිමකොට ඇත.
IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16 ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමග කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්ත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩකඩක් ඇති වන්නේ නැහැ. ඒ අනුවල විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැතග :බහුපාර්ශවීය මූල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවීම කෙරෙනවාIMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් (SB) ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂිකව විදේශ ණය බිලියන 6-7 ක් ගෙවීමට තිබෙනවා. අපට මෙ ණය ගෙවීමට විදේශ විනිමය නැහැග එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැතග එබැවින් ෂඵත්‍ ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට කැමැතියි.

අප අතිශය අසීරු ආර්ථික පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළාග ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවාග සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවාග මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7-8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවාග මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයිග මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කන්ඩායම්ල දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්ල වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයිග බදු බර වැඩි බැව් වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටිකලක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරාවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු වේවි. එවකට බොහෝ අය කල්පනා කලා වැටුප් නැති වෙයිල විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදි වශයෙන්ග ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්ල සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩ පිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කලහොත් එයින් මතුවන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.
එසේම රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ.. වැඩපිළිවෙල කඩාකපප්ල කිරීමට උත්සහ ගත්තොත් ඊට එරෙහිව රජය තදින් ක්‍රියා කරන බවද ජනාධිපති වරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය .

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *