ගලබොඩ ඥානීස්සර නායක හිමිගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දක්වන ලදි.
හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට මෙසේ අවසන් ගෞරව දැක්විය.