වර්ජන නොතකා දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ.
“දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස” වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා තහවුරු කර තිබේ.
ඒ අනුව අද (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට කොළඹ දක්වා දුම්රියන් දෙකක්ද ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15ට, ගාල්ල සිට පෙරවරු 5.00ට, අලුත්ගම සිට පෙරවරු 6.00ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු ව තිබිණි.
මෙම සියළු දුම්රිය ද්විත්ව බලවේග කට්ටලවලින් සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පියවර ගෙන තිබිණි.
දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බවද වාර්තාවේ.