දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයි

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.
උක්ත කරුණට අදාළව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය මහජන සේවාවක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් දැනුම් දෙන බව සදහන් කොට ඇත.
ඒ අනුව 2023.03.15 වන දින සේවයට වාර්තා නොකරනු ලබන සියලු නිලධාරීන් සම්බන්ධයෙන් පනතේ 4 වන වගන්තිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් එසේ සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසා වහාම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙන දන්වන ලෙසද දැනුම් දී ඇත.
අදාළ දැනුම් දීම සිදුකරමින් සාමාන්‍යාධිකාරීවරයා විසින් සදහන් කොට ඇත්තේ අත්‍යාවශ්‍ය මහජන සේවයක් වන දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා මෙම තීරණය ගෙන ඇති බවයි.