රාජිතත් රනිල්ට

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහයෝගය පළ කරන බව පැවසීය.

අද කොළඹ ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේ පැවැති විශේෂ වැඩසටහනක් අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ රාජිත සේනාරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේදී එතුමන් වෙත සහය දක්වන බව දැනුම් දුන්නේය.