ප්‍රංශ ජනපතිගෙන් ජනපති රනිල්ට ආරාධනයක්

ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ