වැ‍ටුණොත් නැගිටින හැටි ලෝකයට කියා දෙන රනිල්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය 22 – 23 දිනවල ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වූයේ එම සමුළුව ආමන්ත‍්‍රණය කරන ලෙස ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් කරන ලද ආරාධනයකට අනුවය.

ලෝකයේ ප‍්‍රබලම රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සහභාගි වන මෙම ගෝලීය සමුළුව ආමන්ත‍්‍රණය කිරීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට උදාවන්නේ, ඔහු ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීම නිසා පමණක් නොවේ. ගෝලීය ආර්ථික අර්බුද, කොරෝනා වසංගත තත්වයන් සහ රාජ්‍ය පාලනය භාරව සිටි පාලකයන්ගේ වැරදි ආර්ථික කළමනාකාරිත්වය නිසා දැවැන්ත කඩා වැටීමකට ලක්ව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ ශ‍්‍රී ලංකාව මාස කිහිපයක් ඇතුළත නැවත ගොඩනැංවීමේ ආදර්ශය ලොවට ලබා දීමට සමත් වූ ප‍්‍රභල නායකත්වයක් රනිල් වික‍්‍රමසිංහ සතුව පැවැති නිසාය. එසේම දේශගුණික විපර්යාස හමුවේ ගෝලීයව මුහුණ දී ඇති අර්බුදය සහ එම නිසාම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට සිදුව තිබෙන බරපතල හානිය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ පසුගිය කාලයේ නැගූ හඬ ජාත්‍යන්තරයට දැනෙන්න තරම් වීම නිසාය. එපමණක් නොව ගෝලීය භූ-දේශපාලනික ගැ‍ටුම් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රාජයන්ට මුහුණ දීමට සිදුව තිබෙන ප‍්‍රතිවිපාක ගැන සහ ඊට එරෙහි ක‍්‍රියාකාරිවයන් වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර වේදිකාවේ ගොඩනගමින් සිටින නව මතවාදය නිසාය.


රනිල් වික‍්‍රමසිංහ මෙරට අර්බුදයෙන් මුදා ගැනීම වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තර සංවිධානවල විශේෂ ඇගයුමට පාත‍්‍රවී ඇති බව මෙවර ජනාධිපතිවරයාගේ ලන්ඩන් සහ පැරිස් සංචාරයන්වලදී යළි යළිත් පෙන්නුම් කළේය. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙ ඇගයීම් සහතික රැසක් මෙවරත් ලැබී තිබිණි. කොහොම නමුත් මෙම පැරිස් සමුළුව ආමන්ත‍්‍රණය කරමින් ජනාධිපති රනිල් මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ අත්දැකීම සහ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව යළි ගොඩනැංවීමේදී මුහුණ දුන් අභියෝග සහ එහි සාර්ථකත්වය ගැන සාකච්ඡුාවට ගෙන තිබිණි. එසේම ප‍්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ප‍්‍රමුඛ රාජ්‍ය නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නියොජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡුා ගණනාවක්ද පැවැත්විය.


ජනධිපතිවරයාගේ මෙම මැදිහත් වීම ලෝකයට අලූ‍ත් මගක් පෙන්වන සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ගොඩනැංවීම වෙනුවෙන් සංවර්ධිත රාජ්‍යයන්ගේ සහයෝගය ලැබිය යුතු වීම ගැන අදහස්වලින් පෝෂණය වී තිබිණි. මෙම සමුළුවේ මුඛ්‍ය පරමාර්ථය වූ දේශගුණික සහයෝගිතාව සදහා ගෝලිය මුල්‍ය පද්ධතිය ප‍්‍රතිසංස්කරණ කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා වඩාත් හොඳින් මුහුණ දීම සිදුවිය යුතු ආකාරය ගැන රනිල් වික‍්‍රමසිංහගේ මතවාදය අද ලෝකයටම වැදගත් වී ඇති බව පැහැදිලි කාරණාවක්ව තිබේ. එම ගෝලීය වුවමනාව සාක්ෂාත් කරවීම වෙනුවෙන් වන ප‍්‍රභල මැදිහත්වීමක් දැක්වීමට හැකිවීම ශ‍්‍රී ලංකාවට රටක් විදිහට ලැබුණු විශාල අභිමානයක් සහ ප‍්‍රබලත්වකි. ජාත්‍යන්තරය තුළ එවැනි ගෞරවණීය තත්වයක් රටකට ලැබිය හැක්කේ එවැනිම නායකයන් රටක් විසින් බිහි කර ගැනීමට සමත් වන්නේ නම් පමණි.