රැල්ල හැදුවේ රනිල්
ආර්ථික අර්බුදය සහ දේශපාලන ව්‍යාකූලත්වය මත කඩා වැටී තිබූ ශ්‍රී ලංකාව රාජ්‍යය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ක්‍රියාත්මක කරමින් තිබෙන විසඳුම් මාලාව රටේ ජනප්‍රිය දේශපාලන රැල්ල බවට පත්වෙමින් තිබේ.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම, ණය ප්‍රතිව්‍යහගත කිරීම, සංචාරක ව්‍යපාරය යළි නගා සිටුවීම, විදේශ ප්‍රේෂණ වැඩි වශයෙන් ගෙන්වා ගැනීම, විදේශ ආයෝජකයන් කැඳවීම සහ එමඟින් වන ආර්ථික ප්‍රසාරණය මගින් රට යළි සංවර්ධනයේ මාවත වෙතට ගෙන ඒම ජනාධිපතිවරයාගේ මූලික විසඳුම් යෝජනාවන්ය. ඒ වෙනුවෙන් මේ වසර තුළත් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් එම කැපකිරීම වෙනුවෙන් ජනතාව සූදානම් විය යුතු බවත් ඔහු බොහෝ කලකට පෙරම පෙන්වා දී තිබිණි.
පළාත් පාලන මැතිවරණ උණුසුමත් සමඟ වර්ධනය වී ඇති දේශපාලන රැළි දෙස බැලීමේදී ඒ සියලු බලවේග ජනාධිපතිවරයාගේ මෙම විසඳුම් මාලාව පිළිගෙන ඇති අතර එය සමාජයේ රැල්ලක් බවට පත් කරවීමටද සමත්ව තිබෙන බව නිරීක්ෂණය වේ. ජාතික ජන බලවේගය මෙම විසඳුම් මාලාව එළෙසම පිළිගනිමින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම ජනාධිපතිවරයා යෝජනා කර මේ වන විටත් ක්‍රියාත්මක තලයේ පවතින දේශපාලන ප්‍රතිසංස්කරණයන්ටද විපක්ෂ බලවේගවල එකඟත්වය ලැබී තිබේ. විශේෂයෙන්ම 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතුය යනුවෙන් ජනාධිපතිවරයා කළ යෝජනාව ජාතික ජන බලවේගයේ නායිකාවක වන පාර් ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය පසුගියදා පිළිගෙන තිබුණා පමණක් නොව එතැනින් එහාටද ගමන් කළ යුතු බව පෙන්වා දී තිබිණි.
මේ අනුව ජාතික ජන බලවේගයේ මැතිවරණ රැල්ල මුළුමනින්ම රනිල්ගේ විසඳුම් වෙනුවෙන් වන රැල්ලක් බවට පත්ව ඇත. එසේම සමගි ජන බලවේගයටද රනිල්ගේ විසඳුම්වලින් තොර විසඳුමක් නැති බව එහි ආර්ථික විශේෂඥතාවයක් ඇති මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් තුළින් ද පැහැදිලිය. එසේම 13 වන ව්‍යස්ථාව මුලුමනිම ක්‍රියාත්මක කිරීමට එරෙහිව සජබයට කටයුතු කිරීමේ හැකියාවක් නැත. එහි නායක සජිත් ප්‍රේමදාස වේදිකාවල කුමක් ප්‍රකාශ කළ ද යථාර්ථය වන්නේ රනිල්ගේ විසඳුම් මාලාව ක්‍රියාත්මක කරවීමය.
මේ අනුව මේ වන විට ටෙලිෆෝන්, මාලිමා, පොහොට්ටු සහ අලි ලෙස ගොඩනැගෙන රැළි යනු රනිල්ට ගොඩනැඟීමට අවශ්‍ය වූ රැල්ලය. ඔහුගේ පනස් වසරකට ආසන්න දේශපාලන ජීවිතය තුළ සාක්ශාත් කරගැනීමට අවශ්‍ය වූ රැල්ලය. මෙය නිදහසෙන් පසු ගෙවෙන 75 වසරක ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් ලෙස හැදින්විය හැකිය. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුවත් විපක්ෂයත් එක මතයකට ගොනුවීම මීට පෙර දකින්නට නොලැබුණු තත්වයකි. මේ අතර විපක්ෂය, පක්ෂ ලෙස බෙදී වෙනස් මත දරමින් සිටින බව ප්‍රදර්ශනය කිරීම සිදු කළත් ඔවුනොවුන් අතර දැන් තරගය ඇත්තේ රනිල්ගේ විසඳුම ක්‍රියාත්මක කිරීමේ ප්රමුඛ කණ්ඩායම බවට නැතිනම් එහි නායකත්වය ගැනීමේ තරගයක් ලෙස තේරුම් ගත හැකිය.
2023.02.05 දින Chatham Street Journal පුවත්පතේ පළ වූ ප්‍රධාන පුවත