ආසියාවට පාර කියන්නෙත් රනිල්
ජේ.ආර් කිව්වේ වෛරයෙන් වෛරය සංසිfඳන්නේ නෑ කියලා. ඒ කතාවට ලෝක සාමය කෙසේ වෙතත් ආසියාවේ සාමය උදාවෙනවා. දෙවැනි ලෝක යුද්ධය ඉදිරියේ වැටිලා කොන්වෙලා හිටපු ජපානය සංවර්ධිත රටක් බවට පත්වෙනවා. දශක කිහිපයක අවෑමෙන් ආසියාව ලෝකයේ ආර්ථික කේන්ද්‍රය බවට පත්වෙනවා. ඒ මොහොත ලෝකයට පසක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියාවේ බලය වගේම ශක්තිය සහ අවස්ථා ලෝකයට පසක් කරනවා. දැන් තියෙන්නේ නැගිටින්න. ආසියාව සමඟ නැගිටින්න. රටක් විදිහට පුංචි වෙන්න පුළුවන්, හැබැයි භූගෝලීය භෞතික පිහිටීම එක්ක ප්‍රමාණයට වැඩිය ගුණය ගැන හිතන්න තත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ වගේම ආසියාවේ, පැරණි ආදර්ශ පාඨ දැන් වෙනස් කරන්නම සිදුවෙනවා. ලෝක ආර්ථිකයේ නැවුම් කේන්ද්‍රය ආසියාව. ජනපති රනිල් ආසියාවේ අනාගතයට පාර කියයි…
පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමානයක් සහ බිලියන 4.75ක ජනගහනයක්, එනම් ලෝක ජනගහනයෙන් 60%ක් සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. ගෝලීය වශයෙන් පසුබෑම් තිබුණද ලෝකයේ විශාලම ආර්ථිකය හිමි ආසියානු කලාපය අඛණ්ඩ වර්ධනයක් සදහා ශක්‍යතාව පෙන්නුම් කරයි. චීනයේ දියුණුව සහ ඉන්දියාවේ ශක්තිමත් දේශීය ඉල්ලුම සමඟ ජපානය හා දකුණු කොරියාව විදේශීය ආයෝජන තාක්ෂණික හුවමාරුව හරහා කලාපයේ සංවර්ධනයට දක්වන දායකත්වය, කලාපයේ වර්ධනයට හේතුවනු ඇතැයි මම අපේක්ෂා කරනවා.
ගෝලීය වශයෙන් පස්වන විශාලතම ආර්ථිකය වන ආසියාන් සංවිධානය (ASEAN&) ද ස්ථාවර වර්ධනයක් අත්විඳිමින් සිටිනවා. “2050 දී ලෝකය” ප්‍රයිස්වෝටහවුස් කූපර්ස් වාර්ථාවට අනුව ලෝකයේ හොදම ආර්ථිකයන් 10ය තුළ ආසියානු රටවල් ආධිපත්‍ය දරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඉන් හතරක් පළමු ස්ථාන දෙකේ සිටිනු ඇති. මීට අමතරව, වියට්නාමය හා පිලිපීනය ඉහලම රටවල් 20අතර සැලකිය යුතු ප්‍රගතියක් ලබාගනු ඇතැයි මම අපේක්ශා කරනවා.
යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ආර්ථිකයන් සමඟ දැනටමත් සංසන්දනය කල හැකි ආර්ථිකයක් සහිත ආසියාව, ගෝලීය ආර්ථික බල කේන්ද්‍රස්ථානය සහ වඩාත් ක්‍රියාශීලී කලාපය බවට පත්ව තිබෙනවා. මේ අනුව, ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්වෙමින් තිබෙනවා. කලාපයේ ආර්ථිකය දැනටමත් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ආර්ථිකයට සමානයි. ගෝලීට ආර්ථිකය නැවත යථා තත්වයට පට්කිරීමට උත්සාහ කරනවිට, ආසියා සහ පැසිෆික් කලාපය මේ වසරේ ගෝලීය වර්ධනයෙන් 70%කට ආසන්න දායකත්වයක් සපයනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා. ආසියාවේ ශක්තිය වන්නේ එහි විවෘතභාවයයි. ධනවත් හා දිළිදු ආර්ථිකයන්, විශාල උප මහාද්වීපික බලවතුන් සහ කුඩා රාජ්‍යන්ද මෙම කලාපයට ඇතුලත් වනවා. මෙම විවිධත්වය ගෝලීය තලයේ කලාපයේ භූමිකාව ශක්තිමත් කිරීමට දායක වී තිබෙනවා.
ප්‍රධාන අභියෝගය ගැන මම පුළුල් වශයෙන් කථා කාරන්නම්.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා මානව හිමිකම්
ශ්‍රී ලංකාව,’ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූලාරම්භය 1835 තරම් ඈත අතීතයකට දිව යනවා.ශ්‍රී ලංකාව 1931 සිට සර්වජන ඡන්ද බලය ලබාගෙන තිබෙනවා.එහෙත්, අපගේ බහුපක්ෂ’දේශපාලන ක්‍රමය ආසියාවේ අනෙකුත් ප්‍රදේශ හා සාමාන්‍ය නොවේ.
දේශගුණික විපර්යාස
දේශගුණික විපර්යාස විශේෂයෙන්ම ආසියාවට සැලකිය යුතු තර්ජනයක්.
ආසියාවේ උෂ්ණත්වය සාමාන්‍ය’ගෝලීය උෂ්ණත්වයට වඩා දෙගුණයක් වේගයෙන් ඉහළ’යමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුණු කාලගුණික වෙනස්වීම් සහ ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ ගොස් ගොඩබිම සහ වෙරළ තීරය ඛාදනය, ආසියානු රටවල ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන කෙරෙහි බලපෑම ඇති කරයි.මෙම ශත වර්ෂයේ මැද භාගය වන විට මුහුදු ජල මට්ටම ඉහළ යාම ආසියා පැසිෆික් කලාපයේ බිලියනයකට ආසන්න ජනතාවකට බලපානු ඇති. දේශගුණික විපර්යාස වලට ගොදුරු වු රටවල් 15න් 8ක්ම, ආසියාවෙන් වීම කණගාටුවට කරුණක්. දේශගුණ විපර්යාස අර්බුදයේ ප්‍රධාන හේතුව ද ආසියානු කලාපයයි.
ආසියාව ලෝකයේ කාබන් විමෝචනයෙන් අඩක් පමණ නිපදවන අතර විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන රටවල් 5 කින් සමන්විත වෙනවා. කෙසේ වෙතත්, අප කලාපයේ ඇතැම් කාර්මික රටවල් විසින් අනුමත කරන ලද කෙටි කාලසීමාවන් මත පදනම්ව කාබන් මධ්‍යස්ථතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ආසියාවට ද පොදු කාල රාමුවකට එකඟ විය හැකි නම් එය සුදුසු වනු ඇති. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම නිසා උග්‍රවී ඇති දේශගුණික විපර්යාස හේතුවෙන් කලාපයේ සිදුවන අඩු සහ හානිය බලපෑම සැලකිල්ලට ගනිමින් ආසියාවට පමණක් මෙම අභියෝග වලට මුදල් යෙදවීම සඳහා 2050 ට්‍රිලියන 1 ක් අවශ්‍ය වනවා.
වෙළඳ ඒකාබද්ධතාව
චීනයේ, ආසියාන් සංවිධානය සහ ඉන්දියාවේ ආසියානු යෝධ බලයේ පිවිසීම 20 වැනි සියවසේ ජාත්‍යන්තර ආර්ථික පිලිවෙල ඵලදායි ලෙස වෙන්කර ඇත. එහෙත්,ආසියාව ණය තිරසාරත්වය, විසංයෝජනය සහ ආර්ථික බලහත්කාරයට මුහුණ දෙන බැවින් අද මෙම ජයග්‍රහණ අවදානමේ පවතිනවා. covid 19 අනතුරුව ණය තිරසාරභාවය පිළිබඳ අර්බුදයකට ආසියාතික රටවල් කිහිපයක් මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් වැඩි බලපෑමකට ලක් වූ රටකි. මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස, ණය තිරසාරභාවය පිළිබඳ ගැටලු විසඳීම සඳහා කාලය වැදගත් සාධකයක් බව ශ්‍රී ලංකාව පිළිගත්තා.
අවදානමට ලක්විය හැකියි හැකි මධ්‍යම ආදායම් ලබන රටවලට ඇති එකම විකල්පය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බහුපාර්ශවික සම්බන්ධීකරණය සහ සහයෝගිතාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලබා ගැනීමයි. ශ්‍රී ලංකාව මේ වන විට ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර 2023 අවසන් වීමට පෙර එම සාකච්ඡා සාර්ථකව අවසන් කර ගැනීමට අපේක්ෂා කරනවා. සියලුම ණයහිමියන්ට සමාන ලෙස සැළකීම සහතික කිරීම ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව මෙම කටයුතු සාර්ථක කර ගැනීම මධ්‍යම ආදායම් ලබන රටවලට ණය සහන සඳහා බහුපාර්ශවික සම්බන්ධීකරණය සහතික කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල භාවිතා කිරීමට අත්දැකීමක් කරගත හැකියි. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් බොහෝ ආසියාතික රටවල් සියලු ආකාරයේ ආර්ථික බලපෑම් වලට විරුද්ධ බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ අනුව දශක 3කට පෙර ක්‍රියාත්මක කරන ලද ලෝක වෙළඳ සංවිධානයේ ක්‍රමය කෙටිකාලීන භූ උපායමාර්ගික ජයග්‍රහණ සඳහා මගහැරිය යුතු නැත. මේ කටයුත්තේ නීති අත්තනෝමතික ලෙස වෙනස් කළ නොහැක. එසේ කළහොත් පාඩු ලබන්නේ මැදි ආදායම් ලබන ආසියානු රටවල් ය. බෙදීම ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථික ඔරොත්තු දීම සහ සුරක්ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී G7 නායකයන් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කර සිටියි. G7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ සංවාදයේ දීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.
යුක්රේන යුද්ධය
බොහෝ ආසියාතික ජාතීන් යුක්රේන යුද්ධයට සම්බන්ධ නොවී සිටීමට කැමැත්තක් දක්වනවා. නමුත් සමහර බටහිර රටවල් මෙම වැඩි මධ්‍යස්ථභාවය හෙළා දකිනවා.එසේ වුවද, ආසියාව තුළ යුක්රේන යුද්ධය පිළිබඳ විවිධ මත මතුවී තිබෙනවා. G7 කණ්ඩායමට අනුව එය සෘජුව යුක්රේනය ආක්‍රමණය කිරීමක්. ඇතැමුන් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඍජු ආක්‍රමණය කිරීමක් සහ උල්ලංඝනය කිරීමක් ලෙස සලකන අතර, තවත් පිරිසක් එය සෝවියට් සංගමය බිඳීයාම සහ එම ගැටලුව විසඳීමට යුරෝපයට ඇති නොහැකියාව නිසා පැන නගින වඩා සංකීර්ණ ගැටලුවක් ලෙස සලකනවා. මෙම ගැටුම අවසන් කිරීම සඳහා මෙම විවිධ අදහස් තේරුම් ගැනීමට සහ අගය කිරීමට සහ පොදු එකඟතාවක් සොයාගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතුයි.
එක්සත් ජනපද – චීන එදිරිවාදිකම්
ආසියාව එක්සත් ජනපද – චීන එදිරිවාදිකමේ තීරණාත්මක සාධකය බවට පත්ව තිබෙනවා.එක් දෙයක් ස්ථිරයි.මේ බලවත් රාජ්‍යයන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නැත. ආසියාවේ අපිට එක්සත් ජනපදය සහ චීනය අතර තෝරා ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නැත. අප බොහෝ දෙනෙකුට එම තේරීම් කළ නොහැක්කේ දැනටමත් අපගේ තේරීම සිදු කර ඇති නිසයි. අපගේ තේරීම ආසියාවයි.
ආසියානු කලාපයට අවශ්‍යව ඇත්තේ ඉන්දු පැසිෆික්, BRI (එක තීරයක්- එක මාවතක්) සහ ආසියානු දැක්ම උකහා ගත හැකි ආසියාවකි. BRI යනු ආර්ථික මාර්ග හරහා ආසියාව සහ අප්‍රිකාව තුල චීනයේ බලපෑම වැඩි කිරීමේ උපාය මාර්ගයකි. BRI හි සාමාජිකයින් වන අපට චීනය සමග කිසිදු ආරක්ෂක විධිවිධානයක් නොමැති අතර චීනය සමග කිසිදු ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට අප අදහස් නොකරමු. ඉන්දු-පැසිපික් යනු පිළිතුරු නොමැති ප්‍රශ්න සහිත විකාශනය වන සංකල්පයකි. APEC (Asia Pacific Economic Cooperation) යනු එක්සත් ජනපදය සහ චීනය අතර සංවාදය ඇතුලත් ව්‍යුහගත කලාපීය’සංවිධානයකි.
කෙසේ වෙතත්, අනෙක් අතට, ඉන්දියන් සාගරය අනියතාකාර වන අතර ආර්ථික හෝ ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඵලදායි ප්‍රාදේශීය දේශපාලන ක්‍රමයක් හෝ ව්‍යුහයන් ඉන්දියන් සාගරය සතුව නැහැ. ඉන්දියානු සාගර රාජ්‍යයන් මෙහෙයවන එකම මූලධර්මය වන්නේ 1955 බැන්ග්ඩුන්ග් හි ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයයි. 2017 වසරේ පැවති IORS නායක සමුළුවේදී මෙය නැවත ප්‍රකාශ කරන ලදී.
එබැවින්, ඉන්දියන් සාගරයේ කිසිදු ව්‍යුහයක් නොමැති විට ශ්‍රී ලංකාව “ඉන්දියන් සාගරය – අපගේ අනාගත නිර්වචනය කිරීම ” 2018 සමුළුව කැඳවන ලදී. ඉන්පසුව 2019 දී, ASEAN විසින් එකිනෙකට වෙනස් නමුත් සමීපව ඒකාබද්ධ වූ සහ අන්තර් සම්බන්ධිත අවකාශය පිළිබඳ ASEAN ඉදිරි දැක්ම සම්මත කරන ලදී. ඉන්දු – පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. තවද, අපි අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩාගේ “සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති” ප්‍රතිපත්තියට පූර්ණ සහාය පළ කරනවා.
සෞභාග්‍යය සඳහා වන රීති වලට අනුකූලව, ශ්‍රී ලංකාව ආර්ථික ලිහිල්කරණයේ ඉහළ මට්ටමක් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම (RCEP)හි සාමාජිකත්වය සඳහා අයදුම් කරනු ඇත.
අවසාන වශයෙන්, චීනය සමග ස්ථාවර සහ ඵලදායි සබඳතාවක් ගොඩනඟා ගැනීමට ඔවුන් සූදානම් බව G7 නිවේදනය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ”නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක්” (FOIP) සඳහා ජපානයේ නව සැලැස්ම ඉදිරිපත් කරන විට මෙම වසර මුලදී නව දිල්ලියේ දී අගමැති කිෂිඩා විසින් අනුග්‍රහය දැක්වූ පරිදි මෙය අත්‍යවශ්‍ය වේ. “අප ඉදිරියට යා යුතු ප්‍රවේශය වන්නේ එක් එක් රටවල ඓතිහාසික හා සංස්කෘතික විවිධත්වයට, ජාතීන් අතර සමාන හවුල්කාරිත්වය ට ගරු කරන සංවාදයක් තුළින් රීති සැකසීමයි” යන්න මම උපුටා දක්වමි. ජපානයේ මෙම සහයෝගී ප්‍රවේශය අපි අගය කරන අතර එයට අපගේ පූර්ණ සහයෝගය දෙමු.
එය සාමකාමී සහ සමෘධිමත් ආසියානු කලාපය කලාපය බිහිවීම කලාපයක් බිහිවීම සඳහා ඉතා වැදගත් වේ. සියලුම ආසියානු ජාතීන් අතර සංවාදයකට ද අපි සහය දෙමු. මෙම සංදර්භය තුළ ජපානය, චීනය, ඉන්දියාව සහ ආසියානු රටවල් අතර විවෘත සංවාදයක් ආරම්භ කළ යුතු බවත් ඉන් පසුව අනෙකුත් ආසියානු රටවල් සමඟ විවෘත සංවාදයක් ආරම්භ කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ අදහසයි. ආසියාවේ සාමය සහ සහයෝගිතාවය සඳහා නව රාමුවක් පිහිටුවීමේ පළමු’පියවර’මෙයයි