අරගලයේ නායකයා රනිල්
”අපි ඉදිරියට යමු ! තරගකාරී ලෝකයට මුහුණ දියහැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමානුකූලව සිදු කරමු.
ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා අප සිදු කරන්නේ වැරදි ප‍්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක‍්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොළොත් රටක් යළි ගොඩනැගීම පැරණි සම්ප‍්‍රදායික ක‍්‍රමවේදවලින් සිදු කළ නොහැකියි. අපි අලූතින් සිතා අලූත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා.”
ඒ උපුටා ගැනීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජුනි 01 වනදා ජාතිය අමතා සිදුකළ විශේෂ ප‍්‍රකාශයෙන්. ”ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කර ඊළග වසර 25 තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරනවා වගේම රට මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
මෙරට පාලකයන්ගේ ජාතිය ඇමතීම් අප කොතෙක් අසා තිබෙනවා. නමුත් ඒ බොහොමයක් අවස්ථාවල ආමන්ත‍්‍රණය කෙරුණේ ජනාධිපතිගේ හෝ ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලන අභිලාශය පමණයි. එහෙම පසුබිමක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගේ ජුනි 01 වනදා ප‍්‍රකාශය සුවිශේෂී වෙන්නේ, එය රටේ ජාතික අභිලාශ ආමන්ත‍්‍රණය කළ නිසයි. එය හැඳින්වුණේම ”රට ගොඩනගන ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කිරීම යනුවෙන්.
එහිදී තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම බවත් අවධාරණය කරමින් තමයි ජනාධිපතිවරයා ප‍්‍රධාන කුළුණු 4ක් මත රට ගොඩනගන ආකාරය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සිතියම ඉදිරිපත් කරන විටම ලංකාවම ඉල්ලා සිටින සැබෑ අරගලයේ නායකයා බවට ජනාධිපති රනිල් පත්ව සිටිනවා.
1 කුලූන – රාජ්‍ය මූල්‍ය හා ප‍්‍රතිසංස්කරණ
මේ වන විටත් රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ෂඵත් සමඟ මෙරට එකඟත්වයකට පැමිණ අවසන්. ඒ සඳහා පාර්ලිමේන්තුවේද අනුමැතිය ලැබී අවසන්. බදු ප‍්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රතිසංස්කරණ මේ වන විටත් ආරම්භ කර අවසන්.
ඒ වගේම රාජ්‍ය ණය දීර්ඝ කාලීනව තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු වගේම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශ්වාසය තහවුරු වන ආකාරයට නව ආර්ථික ප‍්‍රතිපත්ති මේ යටතේ හඳුන්වා දීමට නියමිතයි. එහිදී ,
1 අනවශ්‍ය වියදම් නවතා දැමීම.
2 වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක‍්‍රියාකාරකම් සරල කිරීම.
3 වියදම් අවම කර ගත හැකි වන පරිදි රාජ්‍ය ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීම.
4 වියදම් අවම කර ගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක‍්‍රීය සහ ඩිජිටල් ක‍්‍රමවේද
අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.
2 කුලූන – ආයෝජන ප‍්‍රවර්ධනය
ආයෝජන ඇසුරෙන් ආර්ථික වර්ධනයක් කරා යන ගමන වඩාත් ශක්තිමත් කරගන්න නම් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි. ඒ වගේම, පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ‍්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප‍්‍රයත්නයන් කරා යොමුවීම.
කොහොම නමුත් ආයෝජන ප‍්‍රවර්ධන ක්ෂේත‍්‍රය පසුගිය කාලය තුළම ලංකාව රටක් ලෙස එතරම් සාර්ථකවූ ක්ෂේත‍්‍රයකුත් නෙවෙයි. ඒ නිසාම ආයෝජන ගැන කරපු කියපු ගොඩක් පුස්ස බින්දා වගේ වුණා. නමුත් ඒ අභියෝගය ජනාධිපති රනිල් පළමුවරට මෙහිදී භාරගෙන තිබෙනවා වගේම ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙල ද යෝජනා කර තිබෙනවා.
ඊට අනුව තම තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලෙස පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. එම යෝජනා කැඳවීම ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කොට විවෘත හා විධිමත් ආකාරයෙන් සිදුකෙරෙනවා. එම යෝජනා තෝරා ගැනෙන්නේ ආයෝජන ධාරිතාව, රැකියා උත්පාදනය, අපනයන දායකත්වය සහ ආර්ථික දායකත්වය යන නිර්ණායක හතර පදනම් කරගෙන. මෙම යෝජනා ක‍්‍රියාත්මක කරලීමේ පිළිවෙත සැකසීම උදෙසා ජනාධිපතිවරයා අලූත් ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
ඒ ක‍්‍රමවේදය හඳුන්වන්නේ ”සංඝායනා ක‍්‍රමවේදය” (Lab Methodology) යනුවෙන්. රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය අතර සහයෝගීතාවය ශක්තිමත් කරලීමේ අරමුණ ඇතිව සැකසෙන මෙම වැඩපිළිවෙළ සඳහා ඒ ඒ ක්ෂේත‍්‍ර පිළිබඳ විශේෂඥ දැනුම ඇති රාජ්‍ය – පෞද්ගලික අංශයේ පිරිස් එක්කර ගැනෙනවා.
පුද්ගලික අංශයේ ආයෝජන සඳහා ඇති සියලූ බාධක ඉවත් කරලීම සඳහා කණ්ඩායම් වශයෙන් සාමූහිකව ක‍්‍රියා කිරීමට මෙහිදී සැලසුම් සකස් කෙරෙනවා. ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සංවිධානය කිරීමටත් පියවර ගැනෙනවා. ඒ වගේම සංඝායනා ක‍්‍රියාවලියට එක්වන රජයේ පාර්ශ්වකරුවන් පූර්ණ කාලීනව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරලීම වෙනුවෙන් යෙදවෙනවා.
මේ ආකාරයට සංඝායනා ක‍්‍රියාවලියෙන්, ප‍්‍රධාන අරමුණු තුනක් මුදුන්පත් කරගැනීමට නියමිතයි. ඒ ,
- අනුමත කරන ලද ව්‍යාපාරික යෝජනා සහ ව්‍යාපෘති ඔස්සේ මෙරට ආර්ථිකය යළි ප‍්‍රකෘති තත්වයට පත් කරලීම වේගවත් කිරීම.
- නව රැකියා අවස්ථා නිර්මාණය කරලීම.
- ව්‍යාපෘතිවලට ඇති බාධා ඉවත්කරලීම සඳහා සැකසෙන නිදහස් ක‍්‍රමවේදයන් ඔස්සේ අනාගත ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කරලීම වඩාත් පහසු වන පරිදි රාජ්‍ය යාන්ත‍්‍රණය කාර්යක්ෂම කිරීම වශයෙන්.
මේ රටේ ආර්ථික ක‍්‍රමවේදය තුළ වෙළෙඳ ප‍්‍රතිපත්තිය දැඩි ආරක්ෂණවාදී වැටකඩුලූ රැසක් ඇතුලේ තියෙන්නේ. නමුත් ලැබුණු දෙයක් නෑ. මොකද ඒ සැකැස්ම තිබුණෙම ආයෝජකයන් ආකර්ෂණයට වඩා ආයෝජකයන් උදාසීන කරන්න. අන්න ඒ නිසා ඒ වැඩකට නැති ආරක්ෂනවාදී වැටකඩුලූ ඉවත්කර ආයෝජන ප‍්‍රවර්ධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය නිදහස සහතික කිරීම මේ හරහා සිදුවීමට නියමිතයි.
තුන්වෙනි කුලූන – සමාජ ආරක්ෂණ ජාලය
දැනටමත් ජාත්‍යන්තර වශයෙන් පවා අවධානය යොමුව ඇති දියුණු සමාජ ආරක්ෂණ ජාලයක් මෙරට තුළ ක‍්‍රියාවට නැගීමට නියමිතයි.
ඒ වගේම මෙරට ජනතාව කාලයක් තිස්සේ ඉල්ලූ, පසුගිය සමයේ ක‍්‍රම වෙනසක් ඉල්ලා පාරට බැහැපු කොටස් ඉල්ලා සිටි මූලික ඉල්ලීම් 3ක් කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා. ඒ ,
- සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම.
- ¥ෂණය මැඩලීම
- රජයේ ක‍්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම යි. මේ ඉල්ලීම් තුනම මේ මාර්ග සිතියමේ ඇතුළත්.
ඒ සමඟ නියාමන, ප‍්‍රසම්පාදන සහ දේශපාලන යන සියලූ අංශයන් හි ¥ෂණ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත‍්‍රණයකින් ¥ෂණ විරෝධී පිළිවෙත් ක‍්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ කියන්නේ ලංකාවේ පසුගාමී වමට අලූත් සටන් පාඨ සොයා පසුබසින්න වෙන තැනට ඉදිරියේ මෙරට දේශපාලන සිතියම වෙනස් වෙනවා.
හතරවැනි කුලූන – රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ
වර්තමානයේ ආර්ථිකයේ ක්ෂේත‍්‍ර 33ක රාජ්‍ය ව්‍යවසායන් 430ක් ක‍්‍රියාත්මක වෙනවා. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 6ක ප‍්‍රමාණයක් ඒවායේ සේවය කරනවා. රාජ්‍ය අංශයට ඒකාධිකාරී වෙළෙඳපොළක් ලබා දීමේ ප‍්‍රතිඵලය වී තිබෙන්නේ පුද්ගලික ආයෝජන අධෛර්යට පත්වීමයි. මිල නියම කිරීම, අකාර්යක්ෂම කළමනාකාරීත්වය සහ දුර්වල මූල්‍ය මෙහෙයුම් නිසා මෙම ව්‍යවසායකයන් නිරතුරුවම පාඩු ලබනවා. මේ ආයතන රජයේ බදු මුදල් මත යැපෙන යාචක ආයතන බවට පත්ව තිබෙනවා. එම කරුණු දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, 2021 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ‍්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රටේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.6ක් වූ බවයි. මේ ණය බර මිලියන 22ක් වූ ජනතාවගේ කරපිටට දිගින් දිගටම පැටවීම අසාධාරණ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හා ප‍්‍රතිව්‍යුහගත කිරීම් නොපමාව කළ යුතුයි. මේ අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් සකස් කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ මාර්ග සැලැස්මේ තවත් විශේෂත්වයක් තමයි, ජනතා දායකත්වය අඩුවක් නැතුව ලබාගැනීම. විශේෂයෙන් සංඝායනා ක‍්‍රියාවලියට ජනතා දායකත්වය ලබා ගැනීමටත් මෙහිදී නියමිතව තිබෙනවා. සාකච්ඡුා, විශ්ලේෂණ සහ නිගමන ඔස්සේ විවිධ ව්‍යාපෘති පිළිබඳව සකස් කෙරුණු සැලසුම් නියම කරන ලද මහජන දිනයකදී ජනතාවට ප‍්‍රසිද්ධ කිරීම හරහා. එමගින් ජනතාවට තම අදහස් හා ප‍්‍රතිචාර දක්වන්නට අවස්ථාව සැළසෙනවා.
ඒ වගේම මේ ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව සියලූ තොරතුරු වාර්ෂික වාර්තාවක් විදිහට ජනගත කරන්නත් නියමිතයි. ඒ අනුව මේ වසරේ දෙවන කාර්තුව අවසන් වීමට පෙරාතුව සංඝායනා ක‍්‍රියාවලිය ආරම්භ කිරීමටත්, තුන්වන කාර්තුවේ දී සංඝායනා ක‍්‍රියාවලිය සහ වර්තමානයේ ආර්ථිකයට සම්බන්ධ විශේෂ කාර්ය සාධන බලකායන් හි ක‍්‍රියාකාරකම් ද විවෘත සහ විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තැබෙනවා. ඒ සියල්ලෙන් අනතුරුව ජාතික ප‍්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී එළි දක්වන්නටත් නියමිතයි.
ඒ වගේම මෙම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති විමසුම් කාර්යාංශයක් ස්ථාපිත කිරීමටත් නියමිතයි. රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කාර්යයන් ඒ වෙතින් සිදු වෙනවා.
පැහැදිලිව අර්බුදයෙන් ගොඩ එන්න වගේම තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් මේ රටට අත්පත් කරගන්න නම් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ අනිවාර්යයි. ඒ හැර නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීම, වෙළෙඳපොළ පුළුල් කර ගැනීම, ජාත්‍යන්තර ප‍්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කර ගැනීම හීන විතරමයි.
මේ හමුවේ ඇතැමුන්ට ආසාත්මිකතා මතුවෙන්න පුළුවන්. පළුදාන්න කසන්න වගේම කලන්තය දාන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නෑ. ජනාධිපති රනිල් මැදිහත්ව අර්බුදය සමනය කර නොගන්න මේ වනවිටත් රට අමු සොහොනක්. ඒ නිසා තමයි රටේ නිහඬ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අනුමත කරේ සහ ඉදිරියටත් අනුමත කරන්නේ. ඒ පසුබිම කියන්නේ අර්බුදයෙන් රට ගොඩ ගන්න වගේම බලගතු ශ‍්‍රී ලංකාවක් ගොඩනගන අරගලයේ නායකයා ලෙස දැනටමත් රනිල් වික‍්‍රමසිංහ තෝරාගෙන අවසාන බවයි.
– කුසල් ජයම්පති