රනිල් ඉක්මන් වුණා වැඩිද ?
මැයි 09 යනු ආදරයේ අරගලය අවසන් කර අරාජිකත්වය අරගලයට ආදේශ’වූ’දිනයයි. සාමකාමී අරගලය මැදට කඩා වැදී’අරාජිකත්වයට ආදරයේ අරගලය අල්ලා ගැනීමට ඉඩ දුන් අඥාන ප්‍රහාරකයන් මෙන්ම එයටත් වඩා අඥාන ලෙස ප්‍රතිප්‍රහාරය ම්ලේච්ඡත්වයට තල්ලුවීමට ඉඩහළ අරාජිකවාදීන් එම සිදුවීමට වගකිව යුතුය.
එසේ උදා වූ’අරාජිකත්වයේ සහ අන්ධකාරයේ යුගය කෙසේ නිමාවේදැයි කිසිවෙකුට සිතා ගැනීමට නොහැකිව තිබූ’මොහොතක “බිය නොවන්න රට කරනා හැටි මම පෙන්වමී” කියා රනිල් වික්‍රමසිංහ රට භාරගන්නා විට එය හිතළුවකට එහා ගිය රට ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙතැයි සිතුවේ සීමිත පිරිසකි.
එහෙත් අර්බුදය විසින් එහි වගඋත්තරකරුවන්ද ඇතුළුව සියලු දෙනාට එකට එක්වීමට බල කෙරී තිබුනි. එසේ එක් වූ’සමූහයට නායකත්වය සපයමින් රනිල් වික්‍රමසිංහ පළමුව අරාජිකත්වය අවසන් කර නීතිය හා සාමය ස්ථාපිත කළේය. පවුලේ සාමාජිකයන් පෝළිම් බෙදාගෙන මං මාවත්වල සරමින් සිටි අවිනිශ්චිතභාවය ඉන් අනතුරුව අවසන් කරන ලදී. ඒ අවසරයෙන් සිහි එළවාගත් බොහෝ දෙනෙකු ඇසුවේ ගිනි ගත්ත රට නම් නිමිල තමයි, ඒත් රනිල්ට අළු මතින් නැගිටින ෆීනික්ස් පක්ෂියෙක් වගේ රට ගොඩ දාන්න පුළුවන් වෙයිද? කියාය.
රනිල් ඒකට යෝජනා කළේ අලුත් මාවතක් නෙවෙයි. කාලයක් තිස්සේ ඔහු ක්‍රියාවට නැගීමට යෝජනා කළ සුපුරුදු මාවතයි. මේ රටේ අවාසනාවකට නිර්මාණය වුණු දේශපාලන අරාජිකවාදීන් ක්‍රියාවට නගන්න ඉඩ නොදුන්න, ඔහු හැමදාම ක්‍රියාවට නගන්න හදපු වැඩපිළිවෙලමයි. මුහුද කෙතරම් රළු වුණත් තමන් හොදින් දන්න වතුරට බැහැල රනිල් කවුරුත් නොසිතපු වේගයෙන් පීනන්න ගත්තා. එහි සාර්ථකත්වය කොතරම්ද කිවහොත් 2023 මැයි 09 වනදා වෙන කොට 2022 මැයි 09 හැමෝටම අමතක වෙලා. සටන් පාඨ ගිගුම් දුන් අරගල භූමිය සිංහල අවුරුද්දට ඔල්වරසන් හඬින් පිරුණු සැනකෙලි භූමියක් විය. වෙසක් පෝයට සාධුකාර නගන සිල් සමාදම් වුණ පුදබිමක් වෙලා. ඒත් මේ වේගවත් වෙනසේ තියෙන අනතුරුදායක කාරණාව තමයි, රට තිබුණු හැටි හැමෝටම රට වෙනස් වූ’වේගයෙන්ම අමතකවීමයි. ඒ නිසා දැන් සමහරු රනිල් නැතිව ආණ්ඩු කරන එක ගැන පවා කට මැත දොඩවන්නට ගෙන ඇත. මේ කතා ඇහෙද්දි පරණ’කතාවක් මතකෙට එනවා.
ඒ නයි නටවන පුද්ගලයාට අත්පොළසන් සහ තුටු පඬුරු ලැබීම ගැන ඉරිසියාවක් ඇති කරගෙන තනියම නටන්න ගිහින් පොලු මුගුරු පාරවල් කාල, මියැදුනු නාගයාගේ කතාව. රනිල් නැතිව ආණ්ඩු කරන්න කතා කරන අයට, රනිල්ට ඩිමාන්ඩ් දාන්න හිතන අයට වගේම අරගල කාලයේ ඇරියස් කවර් කරගන්න සමාජ මාධ්‍යවල නයි නටවන්න ගිහින් ගුටි බැට කෙළගත් අයටත් මේ කතාව එකසේ අදාළයි.
රට ගොඩයන්න පටන් අරන් කියල ඇඟට දැනෙන වෙලාවේ තම තමන්ගේ වෙනස්කම් යටපත් කරන් “දිගු කාලීන ජයග්‍රහණයක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කෙටි කාලීන අපහසුතා දරා සිටිය යුතුයි” කියන ප්‍රකාශය සිතට ගෙන කවුරුත් එකට එකතු වෙලා කටයුතු කරනවා වෙනුවට, රනිල් රට වෙනස් කරපු වේගය නිසාම රට තිබුනු හැටි අමතක කළොත් සැනසීම උදාකරපු වේගයම වැනසීමට අතවනන අසමගිය නිර්මාණය කරන්න හේතුවිය හැක. එය දේශපාලන දාම් පෙතේ කාට පාඩු වාසි වුණත් රටට අවාසියකි.
මන්ද බොහෝ සාම්ප්‍රදායක දේශපාලඥයන් කරන්නේ ජාතික ප්‍රශ්න හිඟන්නාගේ තුවාලය කරගෙන තමන්ගේ පැවැත්ම සකසා ගැනීමට කටයුතු කිරිමය. නමුත් රනිල් වික්‍රමසිංහ ඉතිහාසය පුරාම කළේ දේශපාලනිකව පමණක් නොව පුද්ගලිකව කෙතරම් අවාසි සිදු වුවද රටේ උන්නතිය වෙනුවෙන් නොපසුබටව තීන්දු තීරණ ගෙන ක්රියාත්මකවීමය. අදත් එය එසේමය. ඇතැම් විට මේ වේගවත් ගමන යම් විදිහකින් හෙට දවසේ අඩාල වුව හොත් කවුරු කවුරුත් “රනිල් ඉක්මන් වුවා වැඩියි” යැයි කියනු නිසැකය