ජනපති රනිල් අලුත් මෙහෙයුමක..!

අද (26) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික විශේෂ හමුවක් පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.

මෙම ‍රැස්වීම වර්ජනය කිරීමට මීට පෙර සජබය ජාජබය කලින් තීරණය කර තිබිණි.එයට හේතු වශයෙන් දක්ව තිබුණේ මැතිවරණ කටයුතු නිස ඊට සහභාගිවීමට නොහැකි බවය. ජනාධිපතිවරයා මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ දශක ගනනාවක් පුරා නොවිසඳී ඇදි ඇදි යන උතුරු නෙගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම වෙනුවෙනි.