ඉදිරියේදී බදු අයකිරීම් අඩුවනවා මිස කිසිදු ආකාරයකින් වැඩි වෙන්නේ නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
බදු වියදම් කළමනාකණය කරන්න තමයි අස්වැසුම ගෙනාවේ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
රජයේ ආදායමින් 95%ක මුදලක් බදු ආදායම් බවත්, උපයනු ලබන බදු වියදම් කිරීම පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රහ්න කරමින් සිටින බවත්, රජය විසින් අපයනු ලබන බදු විධිමත් වියදම් කළමනාකරණයක් වෙනුවෙන් අස්වැසුම යෝජනාව ගෙන ආ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී බදු ආදායම් තව දුරටත් අඩුවනවා මිස කිසිදු ආකාරයකින් වැඩිවිමක් නොවන බවත පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
ලංකාවේ රාජ්‍ය ආදායමින් 95%ක්ම තියෙන්නෙ බදු. හැබැයි ලංකාවේ දළ දේශීය නිෂ්පාදයට සාපේක්ෂව බදු ආදායම් අඩු රටක්. විශේෂයෙන්ම 2022 වසරේදී මේ තත්වය ඉතා බරපතල තත්වයක් වුණා. මේ තත්වය යටතේ රටත් විදියට අපිට රාජ්‍ය ආදායම වැඩි කිරීම කළ යුතුම තත්වයක්.
ඒ වෙනුවෙන් පසුගිය කාල සීමාවේදී අපි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව ප්‍රාථමික ශේෂය ධන කර ගැනීමේ හැකියාව අපිට ලැබුණා. ඒ විතරක් නෙමෙයි සෘජු බදු වැඩි කිරීමත් අපි මේ වසරේදී ආරම්භ කළා.
නමුත් රජයක් විදියට අපි තීරණයක ඉන්නවා කිසිදු අයුරකින් නව බදු ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා. සාමාන්‍යයෙන් වාර්ෂිකව ලක්ෂ 12ට වඩා වැඩි ආදායම් උපදවන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ බදු ගෙවන්න කියලයි. මොකද ලංකාවේ තියෙන්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක්. ඒ නිසයි අපි මේ ඉල්ලීම කරන්නේ. ඒ විතරක් නෙමෙයි බදු සඳහා විශේසිත අදිකරණයක් ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ හරහා බදු සම්බන්ධ නීතිමය අවස්ථාවන්වලදී කඩිනමින් ඒවා නිරාකරණය කරන්නයි මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ.
දැන් බොහෝ දෙනෙක්ගෙ චෝදනාව තමයි මේ බදු කොයි ආකාරයෙන්ද වැඩ වෙන්නෙ කියන ප්රශ්නය. අපි මේ වෙන කොට රාජ්‍ය වියදම් කළමනාකරණය කරල තියෙන්නේ. මේ වසරේ තරම් රාජ්‍ය වියදම් කළමනාකරණය කරපු වසරක් ඉතිහාසයේ නෑ. රාජ්‍ය වියදම් කළමනාකරණය වෙනුවෙන් චක්‍රලේක 06ක් අපි නිකුත් කරල තියෙනවා. එයින් රජයේ වියදම් කළමනාකරණය ආවරණය කරලයි තියෙන්නේ.
ඒ විතරක් නෙමෙයි පහුගිය දවස්වල බොහෝ කතාබහට ලක් වුණා සුරා නිෂ්පාදකයින් බදු ගෙවීම් පැහැර හැරීමක් පිළිබඳව. අපි අමාත්‍යාංශය විදියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කර ගෙන මේ කියන සුරා නිෂ්පාදකයින් සියලු දෙනා ගෙන්වල සාකච්ඡා කළා. මෙහිදී අපි ඔවුන්ට නියෝග කළා අනිවාර්යයෙන්ම සති දෙකක කාලය තුළ ඔවුන් විසින් ගෙවිමට ඇති සියලු බදු ගෙවා අවසන් කරන්න කියලා.
අස්වැසුම සමාජ සුබසාධන ක්‍රමය අපි ඉදිරිපත් කරල තියෙන්නෙත් මේ කියන රාජ්‍ය වියදම් කළමනාකරණ ක්‍රියාවලියට අදාලවමයි. 2019 ලෝක බැංකු වාර්තාවකින් පවා හෙළි කරල තියෙනවා අපේ රටේ ඉහළ ආදායම් ලබන 20%ක ප්‍රමාණයක් රජයේ සහනාධාර ලබනව කියලා. ඒ අනුව තමයි මේ අස්වැසුම සමාජ සුබසාධන ක්‍රමය ක්‍රියාවට නන්වල සහනාධාර ලබාදීම විධිමත් කරන්න කටයුතු කරල තියෙන්නේ.
මේ වෙන කොට සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් රජය රුපියල් බිලියන 65ක් වෙන් කරනවා. සමස්ත සුබසාධනය වෙනුවෙන් රුපියල් බිලියන 80කට අධික මුදලක් වෙන් කරනවා. නමුත් අස්වැසුම සමාජ සුබසාධන ක්‍රියාවලිය වෙනුවෙන් අපි රුපියල් බිලියන 260ක් වෙන් කරන්න තීරණය කරල තියෙන්නේ.
මේකෙන් අඩු ආදායම්ලාභීන්ට මාසිකව රුපියල් 15,000ක මුදලක් ලැබෙනවා. මේ ක්‍රියාවලියේ මූලික අරමුණ සහනාධාරලාභියා සහනාධාර ඉලක්කයෙන් ඈත් කිරීම. ඒ කියන්නේ ඔවුන් ආර්ථිකව නගා සිටුවීම.
මේ වෙනකොට ඉදිරිපත් කරල තියෙන්නේ මුදල් ගෙවීමේ ලැයිස්තුව නෙමෙයි. මේ ලැයිස්තුව පදනම් කරගෙන තමයි අපි තෝරා ගැනීම් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි ඔ්නෑම අයෙකුට මේ සම්බන්ධයෙන් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් අපි උදා කරල දීල තියෙනවා. විශේෂයෙන්ම නාමිකව වගේම නිර්නාමිකවත් විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, මේ සහනාධාරලාභීන් අපි වාර්ෂිකව සමාලෝචනය කරනවා. ඒ අනුව නුසුදුස්සන් ඉවත් කිරීමත් සුදුස්සන් ඇතුළත් කිරීමත් දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක අවුරුදු තුනෙන් ඉවරයි කියල සමාජයේ මතයක් නිර්මාණය කරල තියෙනවා. එහෙම එකක් නෑ.
දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. අපේ සමස්ත ණය බිලියන 83ක්. එයින් විදේශීය ණය බිලියන 41ක්. දේශීය ණය බිලියන 42ක්. ඒ කියන්නේ විදේශීය ණයවලට වඩා දේශීය ණය වැඩියි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන් අනුව විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එළඹිලා ඉන්නවා. මේව එක පැත්තකට විතරක් බර කරන්න බෑ. ඒ නිසා අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලියේදී අපිටත් යම් කැපකිරීමක් කරන්න සිදු වෙනව කියන එක.
හැබැයි මේ කියන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු තැන්පතුකරුවන්ගේ ශේෂය අඩුවීමක් හෝ පොලිය අඩුවීමක් හෝ බැංකු කඩාවැටීමක් කිසිසේත්ම වෙන්නේ නෑ. රජයක් විදියට අපි වගකීමෙන් කියනවා මේ තත්වයන් ඇති වෙන්න අපි ඉඩතියන්නේ නෑ.
පසුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි සාකච්ඡා කරද්දිත් නොයෙක් කතන්දර කිවුවා. හැබැයි ඒ සියල්ල බොරුවක් කියල දැන් ඔප්පු වෙලා තියෙනවා. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ඒ වගේමයි. නොයෙක් දෙනා නොයෙක් දේ කියනවා. නමුත් අපි සහතික කරල කියනවා තැන්පතුකරුවන්ට හෝ විශ්‍රාම වැටුප් අරමුදලට හෝ සේවක අර්ථ සාධක අරමුදලට මෙයින් කිසිදු හානියන් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.