දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක්
කටාර් චැරිටී ආයතනය කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට ඉදිරිපත් වී සිටී.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය කර තිබේ.
මෙම පොහොර කුරුණෑගල එළවළු ගොවීන් 1476ක්, මාතලේ ගොවීන් 1000ක් හා මොණරාගල ගොවීන් 1000කට එළවළු වගාව සඳහා නොමිලයේ ලබා දීමට නියමිතය.
ඒ අනුව ගොවියෙකුට යූරියා,මඩ පොහොර හා බන්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක මිටියක් බැගින් ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.