වග දුම්රියපොළේ සිට මොරකැලේ දක්වා මාර්ග සංවර්ධන කටයුතු ඇරඹේ

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් මාර්ග කි.මී. 1,500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත වග දුම්රිය ස්ථානය අසල සිට වග පින්නවල මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ විය.

දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මෙලෙස ඉදිකිරීම් ආරම්භ කෙරිණි.