රනිල් වික්‍රමසිංහ මහතාට රෝහිතගේ සහය

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම මත මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.