පුෂ්පකුමාර පුත්‍ර ළිං මැඩි විකාර
එක් ළිඳක ගෙම්බෙක් වාසය කළේය. කුසගිනි වූ කළ මේ ගෙම්බා කරන්නේ ළිඳේ සිටින කුඩා සතුන් දඩයම් කරගැනීමය. පිපාසය නිවා ගත්තේ ළිං දියෙන්ය. කිසි දිනෙක ළිඳෙන් එපිටට ගෙම්බා ගිහින් තිබුණේ නැත. එහෙම යන්න හිතක් ගෙම්බාට තිබුණේද නැත. එනිසා ගෙම්බාගේ මුළු ලෝකයම වුණේ තමන් විසූ, තමන්ගේ පැවැත්ම පහසු කළ ළිඳ ය.
දිනක් කොවුලෙක් මේ ගෙම්බා සිටි ළිඳේ ගැට්ට මත නැවතී ගිමන් හරිමින් සිටියේය. ඒ දුටු ගෙම්බා කොවුලාගෙන් ඇසුවේ ” දැන් කොහේද ඔහේ යන්නේ? කියාය˜ ” මං මේ හැතැම්ම සීයකට එහා ඉන්න මගේ යාලුවෙක් බලන්න යනවා. මට ටිකක් මහන්සියි වගේ නිසා මෙතන නැවතුණා” කොවුලා කිව්වේය.
” පට්ටපල් බොරු කියන්න එපා. හැතැම්ම සීයක් මේ ළිඳ ලොකුත් නෑ. එහෙම එකේ ළිඳටත් වඩා පොඩි අහසේ කොහොමද හැතැම්ම සීයක් යන්නේ” එහෙම කිව්වේ ගෙම්බාය.
” ඒ ඔයා දන්නා තරම තමයි, අහස සීමාවක් නොපෙනෙන තරම් විශාලයි” කොවුලා කිව්වේය.
” අනේ… අනේ… මෝඩයාට කියලා දෙන්න හැදුවට හරියන්නෙ නෑ. එනවා මෙතන මාව අන්දන්න. මං මේ ළිදේ අවුරුදු ගණනාවක් ඉඳලා තියෙනවා. මං දන්නවා උදේ හවස දකින අහසෙ තරම. කාව රැවට්ටුවත් මාව රවට්ටන්න එන්න එපා. බොරු කියන්න එන්න එපා˜ කියා ගෙම්බා කිව්වේ නක්කල් හිනාවක්ද සමඟය.
කොහොමටත් ළිං මැඩි මනස වැඩ කරන්නේ එහෙමය. ළිඳේ සිටින මැඩියෙක් සම්බන්ධව එවැනි සිතීමක් සාධාරණ වෙන්නත් පුළුවන. නමුත්, රටක් කරවන්න ඉල්ලන, ” වෙන්ඩ ජනාධිපති සූට් මහගෙන ඉන්න” විපක්ෂ නායකයෙකුට ළිං මැඩි මනසක් තිබීම ඔහුටත් වඩා රටේ අවාසනාවය. ඒ ඔහුගේ ජනපති සිහිනය නිසාම නොව, විපක්ෂ නායකයකු ලෙස දේශපාලන තලයේ ප්‍රධාන භූමිකාවක් හිමිවන නිසාය. ඒ හරහා ජන සමාජයට යම් ආකාරයක බලපෑමක් සිදු කිරීමට හැකියාව ළිං මැඩියාගේ අවබෝධයෙන් එහාට වර්ධනය නොවී පැවැතීම විපක්ෂ නායක භූමිකාව මඟින් පෙන්නුම් කරමින් තිඛෙන්නේය. විශේෂයෙන් ඉතිහාසයේ දරුණුතම ආර්ථීක අර්බුදයට ලක්ව අමාරුවෙන් ඒ මතින් නැගිටිමින් ඇති සමයක මේ ළිං මැඩි මනස්ගාත හැසිරීම සෑම විටම අනාවරණය කළාට වැඩි නැත.
ඊට අදාළ එක් සිදුවීමක් නම් විපක්ෂ නායක ආර්යා ජලනි දෛත්‍යා ප්‍රේමදාස වෙත ” ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව නාමය ප්‍රදානය කෙරුණු අවස්ථාවය. එහිදී සභාව ඇමතු විපක්ෂ නායකවරයා පවසා සිටියේ රට පුරා අ¨තින් චෛත්‍යය දහසක් ඉදිකර බුද්ධාගම තව තවත් ප්‍රචලිත කිරීම තම අරමුණ බවය. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකට 40 බැගින් දිස්ත්‍රික්ක 25 පුරා චෛත්‍යය දහසක් ඉදිකරන බව ද ඔහු පැවසීය. එසේම මේ වන විටත් තමන් රට පුරා චෛත්‍යය 12ක් ඉදිකර සසුනට පූජා කර ඇති බවද සඳහන් කර සිටියේය.
එහිදී ඔහු අවධාරණය කරමින් කියා සිටියේ මේ වන විට බුදු දහම සෑම අතින් ම තර්ජනයට ලක්ව ඇති මෙවැනි අවස්ථාවක කළ යුත්තේ පන්සල් පද්ධතිය සහ මහා සංඝ රත්නය රැකගැනීම බවත් ඒ වෙනුවෙන් තමන් මේ කටයුතු සිදු කරන බවත්ය. පන්සලට ගොස් මල් පූජා කළේ යැයි ප්‍රතිවාදීන් සිය පියාට පුෂ්පකුමාර යැයි නම් පටබැඳ එම ශාසනික සේවාව නතර කරලීමට දැරූ උත්සාහයක් ගැන සඳහන් කළ විපක්ෂ නායකවරයා එදා මෙන් ම අදත් එම බාධා කිරීම් සාර්ථක නොවන බවත් පැවසීය.
විපක්ෂ නායකවරයා මේ ආකාරයට රටේ දිස්ත්‍රික්ක 25ක් තුළ 40ක් බැගින් චෛත්‍ය 1000ක් ඉදිකිරීම ගැන කියන්නේ 30 අවුරුදු සිවිල් යුද්දයකට පසුව තවමත් ජාතික සංහිඳියාවක් ඇති කර ගන්නට අපහසුව ඇති රටකය. එසේම යුද අපරාධවල සිට දරුණු අන්දමේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව යුක්තිය ඉටු නොවීම ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සෘජු චෝදනාවට ලක්ව ඇති රටකය. එසේම ආගමික ජාතිකත්ව පදනමින් දරුණු ඛෙදීමක් පවතින සමාජයකය. එක් එක් ජාතිකත්ව, ආගමිකත්ව පදනමින් එකිනෙකා තම තමන්ගේ විමුක්තිය සොරාගත් සතුරු අනෙකකු නිර්මාණය කරගෙන සිටින, වහා ඇවිලෙන සුළු තත්වයක ඇති සමාජයකය. එවැනි සමාජයක ආගමික සංහිඳියාව පවත්වා ගන්න චෛත්‍ය දහසක් ඉදිකරන අතරේ පල්ලි කීයක් හදන්න ඉඩදෙන්න වෙයිද? කෝවිල් කීයක් හදන්න ඉඩදෙන්න වෙයිද? එතරම් ආගමික සිද්ධස්ථාන ප්‍රමාණයක් ඉදිකරන්නට තරම් රාජ්‍ය සම්පත් වැය කිරීමේ හැකියාවක් රට සතුව තිබේද? වැඩිවන නිවාස ඉල්¨මට සහ ආර්ථීක කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩම් වෙන් කිරීම දැනටමත් ගැටළුවක් වී ඇති රටක මේ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම ජනතාවගේ ඉල්ලීමක් හෝ පහන් සංවේගය පිණිස වෙයිද? නමුත් ඒ කිසිවක් මේ පුෂ්පකුමාර ළිං මැඩි පුත්‍රයාට අදාළ නැත. ඒ ඇයි?
ප්‍රේමදාස ආර්යාවට හදිසියේ විශාකා සිටු දියණියට අන්දවන ගෞරව නාමයක් දෙන්නත්, පියා මල් වට්ටි අරගෙන වන්දනාවේ ගිය සෑම තැනම චෛත්‍ය ඉදිකිරීමටත් පුෂ්පකුමාර ළිං මැඩි පුත්‍රයා කටයුතු කරන්නේ නිකමට නොවේ. පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනස මේ තේරීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ථේරවාදී බුදුදහම රැකගැනීම ගැනත් මෙරට පැවති වෙහෙර විහාර පිළිබඳවත් කළ වැදගත් ප්‍රකාශයන්ට ලැබුණු ජනතා ප්‍රතිචාර දරාගත නොහැකිව ඊට එකට එක කිරීමක් ලෙසය.
ජනාධිපති රනිල් සිදු කළ පළමු ප්‍රකාශය නම්, ථේරවාදී බුදුදහම අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවය. ජනාධිපති රනිල් මේ බව සැළකර සිටියේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට ගිය අවස්ථාවේය. මහා විහාර විශ්වවිද්‍යාලය ලෙස නම් කළ මේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ජපන් ආධාර ඉල්ලා සිටීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ජනාධිපති රනිල් මේ කියන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ගැනය. ඒ ලෝකයේ සිව් දිගින් පැමිණෙන ´නෑම අයෙකුට ථේරවාදී බුදුදහම හැදෑරීමට අවස්ථාව සලසන කේන්ද්‍රයක් ගැනය. කිසියම් දර්ශනයක් පවතින්නේ ඒ වටා වූ විශ්වාසයක් හා තාර්කික න්‍යාය පද්ධතියක් ගොඩනැගුනු විටය. ඒ සඳහා එකී දර්ශනයට සමීපවීමට, හැදෑරීමට සහ මිනිස් අවශ්‍යතා වෙනුවෙන් කිසියම් හෝ ආකාරයට භාවිතයට ගැනීමට අවස්ථාව තිබිය යුතුය. විශ්වීය භාවිතයක් වෙනුවෙන් අවස්ථාව සැළසිය යුතුය. ථේරවාදී බුදු දහම රැකීමට මේ කුඩා දිවයින පුරා චෛත්‍ය ඉදිකිරීම් වැනි ළිං මැඩි මානසිකත්වයෙන් ඔබ්බට ගොස් ථේරවාද බුදුදහම ගෝලීය මිනිස් උරුමයක් ලෙස පැවැත්ම තහවුරු කරගන්නත් ආරක්ෂාව සහතික කරගන්න ලැඛෙන්නේත් එවිටය.
අවම වශයෙන් ආගම යනු මිනිසාගේ ආත්මීයත්වයට සම්බන්ධ දෙයක් මිසක බාහිර ලෝකයට සම්බන්ධ දෙයක් නොවන බවවත් අවස්ථාවාදී ලෙස ආගම විකුණන් කෑමට යොමු වූ පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනස තේරුම් ගෙන නැත. එනිසාම ඔහුගේ ප්‍රයත්නය අවසානයේ සේවය කරන්නේ ආගමේ ආත්මීය කරුණු වෙත වැට බැඳීමටය. අවිහිංසාවාදී ආගමක් ආරක්ෂා කිරීමේ නාමයෙන් යුද ප්‍රකාශ කරවන්නටය.
පෑවිල්ලකට හසුව ළිඳ හිඳුනත්, එහිම පණ ගියත් ළිඳට වඩා ලෝකයක් ගැන විශ්වාස නොකරන ළිං මැඩි මානසිකත්වයක් වෙන මොනවා නම් රටට උරුම කරන්නද? විපක්ෂ නායකවරයාගේ පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනස එළියට එන අනෙක් අවස්ථාව ජනාධිපතිවරයා සිදු කළ දෙවැනි ප්‍රකාශයය. එනම් මෙරට ඇතැම් විහාරස්ථාන සිය ඓතිහාසික පැවතීම තුළ ප්‍රදීපාගාරයක දායකත්වය සපයා ඇති බවය. ඒ ප්‍රකාශය තුළ ඇත්තේ එකල නාවිකයන්ට, වෙළඳ ප්‍රජාවට අතුරු ආන්තරාවක් නැතිව ඉන්දීය සමුද්‍රය හරහා ප්‍රවාහන පහසුකම් සපයා ගන්න දැක්වූ දායකත්වය ය. එම කටයුතු පහසු කිරීමට ලබාදුන් සේවයය. එවකට පැවති තත්වයට සාපේක්ෂව ප්‍රායෝගිකව සමාජය හා බද්ධවී කටයුතු කර ඇති බවය.
ඒ පසුබිමේ, ගෝලීය ප්‍රවණතා පමණක් නොව, මෙරට භූ භෞතික දර්ශනය ගැන පවා නොසිතා චෛත්‍ය දහසක් ඉදිකිරීමට පාරම් බෑම, ආගමේ ආරක්ෂාව වෙනුවෙන් කරන කියන දෑද, නැතිනම් දිනපතා හැකිළෙන සිය දේශපාලන බල සිතියම පළල් කර ගැනීම වෙනුවෙන් ආගම ලන්සු තැබීමක්ද යන්න තේරුම් ගැනීමට මොළය වෙහෙසිය යුතුව ඇත.
පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනස එළියට එන තවත් අවස්ථාවක් නම් ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ලියවිල්ල පිළිබඳව සිදුකරන විවේචනය. එය ආරම්භක අවස්ථාවේ ඔහු සිදු කළේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇති කර ගන්නා කිසිම එකඟතාවක් හෝ ගිවිසුමක් සම්බන්ධව සමගි ජන බලවේග ආණ්ඩුවක් වගනොකියන බවට සිදුකළ තර්ජනයක් ලෙසය. ඒ කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ රජය සමඟ මිස කාගේවත් ආණ්ඩු සමඟ නොවන බව පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනස නොදන්නා බවය. එනිසාම ඒ තර්ජන හාස්‍යයෙන් කෙළවර වූ තැන, ඔහු පාර්ලිමේන්තුවේ පැවති විපක්ෂයේ හමුවකදී සිය තානම වෙනස් කර සිටියේ, රටේ ආර්ථීක ප්‍රශ්නයට විස`දුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය බවය. වර්තමාන රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බවත් ඔහු පවසා ඇත.
රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කිරීම තුළ රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු එහිදී කියා තිබිණ.
මේ මොන කතා කියා වසාගන්න උත්සාහ කළත් යළි යළිත් නිරාවරණය වන්නේම පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත්‍ර මනසය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා අනුව ඉදිරියට නොයාමට ගෝඨාභය පාලනය තීරණය කළ අවස්ථාවේ ඒ හරහා සිදුකර ගන්නට යන හානිය ගැන පළමුව රටට කිව්වේ වත්මන් ජනාධිපති රනිල්ය. ඒ වන විට ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේත් නැත. එතැන් සිට ආර්ථීක අර්බුදය දිනෙන් දින උග්‍ර වන විට විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකු ලෙස ෂඵත සමඟ වැඩසටහනකට කඩිනමින් යොමුවීමේ වැදගත්කම අවධාරණය කළේද රනිල්ය. අවසානයේ එක් පසෙකින් රට ගිනිගෙන අනෙක් පසින් රට බංකොලොත් බව නිල වශයෙන් නිවේදනය කර දෙකොන ගිනිගත් විලක්කුවක් වූ අවස්ථාවේ ද ෂඵත හැර විකල්පයක් නැති බව කියන්න හයිය තිබුණේද රනිල්ට පමණය. එපමණක් නොව, රට වැටුණු වැටිල්ලට පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත් මනස ආණ්ඩුවක් පිහිටුවීමට සිදු කළ ආරාධනය ප්‍රතික්ෂේප කර පළා ගිය තැන, රට ගොඩනගන වැඩේ භාරගෙන මේ තැනට ගෙනාවේද රනිල් වික්‍රමසිංහ ය.
එහෙව් පසුගියදා නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව සඳහා ප්‍රංශයට ගිය අවස්ථාවේ ලෝක නායකයන්ගේ විශේෂ අවධානයක් දිනා ගත්තේද, යළි පිළිසකර කිරීමක් ගැන විශ්වාස කිරීමට පවා නොහැකි, පුරෝකථනයක් හෝ සිදු කළ නොහැකි තරම් ප්‍රපාතයකට වැටෙමින් තිබූ රටක් වසරක් යන තැන ගොඩගෙන පෙන්වූ නිසාය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සිට ආර්ථීකය නැංවීම වෙනුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා රජය මෙහෙයවමින් දිනපතා ඔප්පුකර පෙන්වන සාර්ථකත්වය නිසාය. ගෝලීය ආර්ථීක අර්බුදයක්ද පවතින මොහොතක එහි බලපෑමද නිවැරදිව කළමනාකරණය කරමින් රටක් ගොඩනැංවීම ගෝලීය ආදර්ශයක් වූ නිසාය. පුෂ්පකුමාරගේ ළිං මැඩි පුත් මනස මේ කියුම් කෙරුම් කොහොම නම් තේරුම් ගන්නද? නොතේරෙනකම නිසාම ඇහෙන්නේම බක බක ය.
කල්ප අනුත්තර ලියනගේ