සජිත්ගේ සක්වල බසය පාසලට හෙණයක් වෙයි

සජිත් ප්‍රේමදාස විසින් දියත් කරනු ලබන පාසල් සදහා බස් ලබාදීමේ ව්‍යාපාරයෙන් නැවත වතාවත් සිසුන් හා දෙමාපියන් පීඩාවට පත් කරන බව වාර්තාවේ.
එසේ බස් රථ ලබාගත් පාසල් කිහිපයක විදුහල්පතිවරයෙකු සදහන් කොට සිටියේ දේශපාලනඥයන් විසින් බස් රථ ලබා දුන්නාට බස් රථයේ වියදම සදහා වසරකට ලක්ෂ 05ක් වියදම් වන බවයි. මෙම මුදල පහසුකම් ගාස්තු ඉහල දැමීමෙන් අය කර ගැනීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටී.

බස් රථයක් ලබාදීම දේශපාලනඥයාට පහසු කටයුත්තක් වුවත් එහි ටයර් දැමීම, සර්විස්, ආදායම් බල පත්‍ර මෙන්ම රක්ෂණ ගාස්තු සදහා ඔවුන් විසින් විසදුම් ලබා නොදෙන බවද සදහන් කොට සිටී. මෙවැනි බස් රථ ලබා ගැනීමට පෙර පාසල්වල විදුහල්පතිවරුන් හෝ අධ්‍යාපන අමාත්‍යංශය විසින් යම් පියවරක් ගත යුතු බවත්, එහිදී නඩත්තු කළ හැකි පාසල් හා නොහැකි පාසල් ලෙස වෙන් කොට මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීමට අවසර ලබා දිය යුතු බවද අදාළ විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කොට සිටී.

මේ වන විට පොතපත හා පාසල් උපකරණ පවා ගැනීමට මවුපියන්ට අසීරු වී ඇති අවස්ථාවක එම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද එලෙස ලබාදුන් බස් රථ අධ්‍යාපන කටයුතුවලට අමතරව දේශපාලනඥයන්ගේ රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට යොදාගෙන ඇතැයි ද දේශපාලකයන් ලබාදුන් බස් රථ හේතුවෙන් එලෙස ඉල්ලීම් කරන අවස්ථාවන්වලදී බස් රථ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බව ද විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

එසේම බස් රථය වෙනුවෙන් රියැදුරෙකු සහ සහයකුගේ සේවය ලබා ගැනීමට සිදුවන අතර ඔවුන්ව වැ‍ටුප් ගෙවමින් නඩත්තු කිරීමට වාර්ශිකව ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ. මේ නිසා පාසල් අධ්‍යාපන චාරිකා හෝ වෙනයම් ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් බස් රථයක් කුලියට ගැනීම වියදම් අවම ක්‍රියාමාර්ගයකි.