සාරථි හා අංගජන්ගේ සහයත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

සාරථි දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන අතර, සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස පත් කෙරුණි. ඒ ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාට එම තනතුර අහිමිවීමත් සමගය.

සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර අංගජන් රාමනාදන් මහතා යාපනය නියෝජනය කරයි.