ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත. අදාල නිවේදනය මගින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වනු ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය තුළ IMF අනුමැතිය ලබා ගැනීමට පසුබිම සකස් වූ බවය.