ශ්‍රි ලන්කන් ලොක්කන් 09ක් ගැන ජනපතිට පැමිණිලි
වරයා හා ගුවන් සේවා අමාත්‍යංශය නොමග යවමින් ශ්‍රි ලන්කන් ගුවන් සේවා පාලක මණ්ඩලය සදහා මෙහෙයුම් නිලධාරීන් 09 දෙනෙකු උසස්වීම් ලබාදී ඇති බව වාර්තාවේ. රාජ්‍ය ආයතනයන්හි උසස්වීම් සහ වැටුප් ඉහල දැමීම් නවතා තිබියදී මෙසේ සිදුව ඇති බවත් ගුවන් සේවා වෘත්තීය සමිතිය ජනාධිපතිවරයා වෙත පැමිණිලි කොට තිබේ.
අදාළ උසස් වීම් හොර පාරෙන් සිදු වූ ඒවා බවත් එහිදී වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය නොමග යැවීමට කටයුතු කොට ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කොට සිටී. මෙසේ උසස් වීම් ලද නිලධාරියෙකු සදහා පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බවත් මාසිකව රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් ඔවුන්ට දීමනා ලෙස ගෙවා ඇති බවත් සදහන් වේ.
මෙම උසස්වීම්වලින් අදාල නිලධාරීන් නව දෙනාගෙන් මූලික වැටුප ඉහළ නොදැමුව ද වෙනත් දීමනා ඉහළ දමා ඇති බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය රජයේ නීති රෙගුලාසි කඩකර ඇති බවත් වෘත්තිය සමිතිය වැඩිදුරටත් සදහන් කොට සිටී.
මේ පිළිබඳව පරීක්ෂණවක් පවත්වා පාලක මණ්ඩලය කර ඇති වැරැද්ද නිවැරදි කරන ලෙස වෘත්තිය සමිති වරාය හා ගුවන් සේවා අමත්‍යංශ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කළ ද පරීක්ෂණයක් නොපැවැතුණු බව පවසන වෘත්තිය සමිතිය හැකි ඉක්මණින් පරීක්ෂණයක් පවත්වා සාධරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.