රනිල්ට සහය දෙන්න සජබ මන්ත්‍රිනී තලතා ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් විය. මේ බව ඇය, අද ( 21) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර සිටියේය.
ඇයගේ විශේෂ ප්‍රකාශය තුළ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම හා එය නොවිය යුක්තක්ව තිබූ බවත් මේ මොහොතේ හෝ නිවැරදි කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් සදහන් කර සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ සිටිය නායකයින් සතුව තිබූ ඉවසීමේ ගුණය සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් සදහන් කර සිටියේය .
ඇයගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් බොහෝ කරුණු විශේෂ ප්‍රකාශය තුළ ඇතුලත් කර සිටි අතර ඇය සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය හදවතට එකඟව ගත් බවද සදහන් කර සිටියේය .