මෙවර කතරගම ඇසළ මංගල්‍යය සමාරම්භය සනිටුහන් වෙයි

0

පෙරේදා (06දා) දින ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

 ආගම් තුනක බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම පෙරේදා (06දා) සවස 5.00ට සිදුවිය.

මෙම අවස්ථාවට මුස්ලිම්, හින්දු, බෞද්ධ බැතිමතුන් රැසක් එක්විණ.

මෙම අවස්ථාවට රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමි, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි කතරගම මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ කාර්ය මණ්ඩලය සහ මුබාරක් මව්ලානා, හින්දු පූජක තංගවෙල් කුරුක්කල් සාමි යන පුජකතුමන්ලා එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *