‘අරාජිකවාදයත් බෑ – ආගම්වාදයත් බෑ” It Means War
බාහිර ආක‍්‍රමණ, අභ්‍යන්තර බල අරගල ආදීන් නිසා නිර්මාණය වූ අවිචාර සමයන්, අරාජික සමයන් ගැන නිදහසට පෙර ඉතිහාසයේ ඇත. නිදහසින් පසු එවන් අරාජිකත්වයක් ඇතිවූයේ ඉතිහාසයේ පළමු වතාවට, මීට වසරකට පෙරය. එය බාහිර ආක‍්‍රමණයක් හෝ අභ්‍යන්තර කැරැල්ලක් නිසා නොව, දුර්වල රාජ්‍ය පාලනයක ප‍්‍රතිඵලයකි. එම අරාජිකත්වයට එරෙහි අරගලයද, එනයින්ම අරාජිකත්වයකි. එම අරාජිකත්වය අරාජික සමයක් බවට පත්වීමට ඉඩ නොදී යළි ප‍්‍රතිසංවිධානය කිරීමට රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් විය. ඔහු එය සිදු කළේය. තවදුරටත් රාජ්‍යය ශක්තිමත් කරමින් යයි.
එහෙත් අරගලයෙන් උපන් අරාජිකවාදීන්, අරාජික මතවාදයන් සමාජය තුළ තවමත් සැරිසරමින් සිටී. සියලූ දෑ සාමාන්‍ය ලෙස පවතින සාමකාමී කාලයක වුවද අරාජිකවාදීන් සහ අරාජික මතවාදයන් සමාජයක යහපැවැත්මට තර්ජනයකි. විශේෂයෙන් මෙවන් ප‍්‍රතිසංවිධාන කාලයකදී, අරාජිකවාදයන් සහ අරාජිකවාදීන් සේවය කරනුයේ සමාජ ප‍්‍රතිසංවිධානය කිරීමට එරෙහිව ප‍්‍රතිවිප්ලවීය කැරලිකාරීත්වයක් ලෙසිනි. ඒ නිසා රටේ ආර්ථිකය සහ සාමාජීය තත්වයන් ඉක්මවමින් ප‍්‍රතිසංවිධානය කර යථා තත්ත්වයට පත් කිරීමට නම් එවන් අරාජිකත්වයන් වහා පාලනය කළ යුතුය.
”හෘද සාක්ෂියේ නිදහස” කෙතරම් සුන්දර වචනයක් වුවද එය අරාජිකත්වයට සහ ඒකාධිපතිත්වයට වඩා හානිකරයි යනුවෙන් මිෂෙල් ෆුකෝ පවසන්නේ එබැවිනි.
,ත්‍රුැාදප දෙ ජදබිජසැබජැ ැබඒසකි පදරු ා්බටැරි එය්බ ්මඑයදරසඑහ ්බා ාැිචදඑසිප, – ඵ්ජයැක ත්‍දමජ්මකඑ
අප ඉල්ලා සිටින්නේ අධිකාරිවාදයක් හෝ බලහත්කාරයක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතීන්ගේ සීමාව අරාජිකවාදයට පියවරක් පසුපසින් තබාගන්නා ලෙස පමණි.
මක්නිසාද බංකොලොත් බව, ඇද වැටී යළි නැගිටින රටක අරාජිකවාදීන් විසින් සිදු කරන බිඳ දැමීම්, නැවත නැවතත් ප‍්‍රතිසංවිධානය කිරීමට කාලයත්, ධනයත් දෙකම අපතේ හැරිය නොහැකි බැවිනි. අප බංකොලොත්ව සිටින බැවින් එසේ අත්හැරීමට ධනය නැත. හැත්තෑපස් වසරක් ප‍්‍රමාදව ඇති නිසා අපතේ යැවීමට කාලය ද නැත.
අරාජිකවාදය පරාජයට පත් කිරීම රජයේ වගකීමකි. එය සිදු කිරීමට රජයට ඉඩදීම වෙනුවට, එය සිදුකිරීම වෙනත් එවැනිම අන්තවාදී කල්ලි අතට පත්කිරීම ද එවැනිම හානිකර තත්වයකි. යුරෝපයේ අරාජිකවාදීන්ට එරෙහිව නාසිවාදීන් පාරට පැමිණීමෙන් නිර්මාණය වූ තත්වයන් ගැන අත්දැකීම් ඕනෑ තරම් ඇත.
ජාති, ආගම් ගැටුම්වලින් හැත්තෑපස් වසරක ඉතිහාසය පුරා උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක් ජීවිත අහිමි කරගත් රටකට තවත් ආගම්වාදී ගැටුමකට බිලිදීමට ජිවිත ඉතුරුව නැත. එවැනි ඛේදවාචකයක් වෙනුවෙන් හෙළීමට කඳුළු හෝ සුසුම් ද නැත. ඒ නිසා විහිළුකාරයන් මොන විහිළු කළ ද, ඒවා කුමන්ත‍්‍රණ වුවද, සිහි බුද්ධියක් ඇති සාමාන්‍ය ජනතාව කළ යුත්තේ, බුදුන් වහන්සේ අක්කෝස භාරද්වාජ බමුණාට ප‍්‍රතිචාර දැක්වූ ලෙස කටයුතු කිරීමය.
”මොන හංවඩුව තිබුණත් ආගමයි කියා
මොන පණිවිඩය තිබුණත් බයිබලයේ ලියා
ආදරයයි ආගම යනු හිතේ දෙයක්
මල්ගෙන පුදමු එය පුදසුනක තියා”
මර්සලින් ජයකොඩි පියතුමා ඉහත කවියේ සටහන් කර ඇති ආකාරයෙන් කටයුතු කිරීමය. එහෙත් ජනතාවට එසේ හිත හදාගෙන නිවී පහන් වී සිටිය හැක්කේ රජය නිසි පරිදි බලය පාවිච්චි කරන්නේ නම් පමණි.
බලය යනු බිය වීමට දෙයක් නොවේ. මිෂෙල් ෆුකෝ පවසා ඇති පරිදි ”බලය යනු ආයතනයක්, ව්‍යුහයක් හෝ නිශ්චිත ශක්තියක් නොව පවතින සමාජ තත්වයක් තුළ පවතින ගුණාංග මගින් ගොඩ නැගෙන උපක‍්‍රමික සංකීර්ණයක් ය.”