මැතිවරණයට පක්ෂය සුදානම් කරනැයි ජනපති එජාප නායකයන්ට කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා සූදානම් කරන ලෙස එහි නායකයන්ට දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත සදහන් කොට සිටියේය.

ජනාධිපතිවරයා මෙම මැතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවරය මුලින් සදහන් කොට සිටියේ මැතිවරණයට වඩා මේ අවස්ථාවේ තමාට ජනතාව විසින් පැවරූ වගකීම වන්නේ රටේ ආර්ථික ශක්තිමත් භාවය ඇති කිරීම සදහා වන බවත් ඒ අනුව තමා මැතිවරණය ක්‍රියාවලියෙන් ඈත්ව සිටින බවත්ය.

කෙසේ වුවද රටේ පවතින ආර්ථිකය සම්බන්ධයෙන් වගවීමක් නොමැතිව මැතිවරණ කොමිසම් සභාව හා විපක්ෂයේ කණ්ඩායම් විසින් ගෙන යන වැඩ පිළිවෙල අනුව මැතිවරණයක් පැවැත්වීමට සදහා සමාජ පරිසරය නිර්මාණය වෙමින් පවතින වකවානුවක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයද මැතිවරණය සදහා සුදානම් බව දක්වමින් ජනාධිපතිවරයා එජාප කළමනාකරණ මණ්ඩලයට දැනුම් දී ඇත.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී විය.