අප්පමාදෝ අමතපදං
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ – නොපමාව පිං රැස් කරගන්න
ලංකා රාජ්‍යයේ ඉතිහාසය පුරා යක්ෂයන්, නාගයන් සහ දේව වංශිකයන් අතර නොනිමි අරගලයන් තිබුණි. නාගයන් මැණික් පුටුවට යුද වදින්නට සූදානම් වන විට බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එම අරගලය සමතයකට පත් කිරීමටය. නාගයන්ගේ අරගලයට කුමක් වූවත් අපට මොකද කියා බලා නොසිටි දේව වංශිකයන්ගේ නායකයකු වූ “සුමන සමන්” ද සිය සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් වූ නාගයන් වෙත ගොස් ඔවුන් හා එක්ව බුදු රජුන් පිළිගත්තේය. පිළිගෙන උන්වහන්සේගෙන් කේෂ ධාතුද ලබා ගෙන, සමනල අඩවියට වඩින ලෙස ආරාධනා කළේය. ඉතිහාසය තුළ දේවත්වයට පත්වූයේ මැණික් පුටුවට අරගල කළ චූලෝදර සහ මහෝදර නොව සුමන සමන් ය. අදත් ඔහු “සුමන සමන් දිව්‍ය රාජයා”ය.
බෞද්ධ දර්ශනයේ “පිං” කියා දෙයක් නැත. එහි ඇත්තේ කුසල් ය. කුසල් රැස්කර ගැනීමෙන් නිවන් මඟ කෙටිකර ගත හැක. ‘පිං’ නමැති සංකල්පය ඇත්තේ බෞද්ධ ආගම තුළය. ‘පිං’ රැස්කර ගැනීමෙන් මහත්ඵල මහානිසංස ලැබේ. මේ මහත්ඵල මහානිසංස යනු ආයු, වර්ණ, සුව ආදී සැප සම්පත්තීන් ය. පිං රැස් කිරීමෙන් ලැබෙන භෞතික සැප සම්පත්තීන් ගැන විවාදයකට නොගිහින් ඉතා සරලව එය මෙසේ ලඝු කර ගනිමු.
පිං යනු යහපත් දේට ලැබෙන ඍැඅදරා එකකි. යහපත් දේ කිරීමෙන් සතුට, සැනසුම ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ආදරය ලැබේ. එවන් ආත්ම තෘප්තියක් ආයු, වර්ණ සහ සුවය උදාකරණ බව කවුරුත් පිළිගනී.
ජන වහරේ “අරය දැන් හරි පිං පාටයි” කියන්නේද එබැවිනි. පසුගිය වෙසක් මාසයේ කිසිවකු සිටියේ සතුටින් නොවේ. රටම අවීචි මහා නරකාදියක් වී මිනිසුන් දුක් විඳිමින් සිටියේය. අද මේ වෙසක් දිනය වන විට ඒ ගිනිදැල් නිවී, හිත් සුවපත් වී, ජනතාව වීදි බැස බැති ගී අසමින්, ආලෝකය දල්වමින් සතුටු වෙති. මේ සතුටේ නිර්මාපකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව දේශපාලන කුහක කමක් නැති ඕනෑම කෙනෙක් පිළිගනී.
එයට තුටු පඬුරු ලෙස සාමාන්‍ය ජනතාව තමා විශ්වාස කරණ ආගම අනුව “පිං” ලබා දෙති. එහෙත් බෞද්ධ දර්ශනයට අනුව “කුසල්” යනු තමා රැස් කරගත යුත්තක් මිස වෙනත් අයකු විසින් සිදුකර තව කෙනෙකුට reword කළ හැක්කක් නොවේ. “පිං” reword කළ හැකි නම් “පව්”ද reword කළ හැකි විය යුතුය. එනිසා ‘පිං’ නම් තමන්ම කර ගත යුතුය.
ධර්මාශෝක පාලනය ගැන වර්ණනා කරන කුඩා කවි පේලියක මෙසේ සදහන්ව ඇත.
“සක පෙරලෙන ලෙසින්
ගැල බඩු විසි නොකරමින්
තොමෝ දුක් විදිමින්
සත සුවපත් කරමින්”
රනිල් තරම් නින්දාවට අපහාසයට ලක් වූවෙක් නැත. වයිරයට ලක් වූවෙක්ද නැත. ඔහු සන්තකව පැවති එකම දේපල වූ පිය උරුමයෙන් ලද නිවසද මාරාවේශ වූවන් ගිනිතබා දමන ලදී. එහෙත් ඔහු ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා නොසැලී රටක බර උර මත ගෙන අවීචිය මතින් ඉදිවී තිබූ වැල් පාලමෙන් රට එගොඩ කළේ දේශපාලන දස මාර සේනාව එල්ල කළ වියරු ප්‍රහාරයන් සියල්ල තමා දරා ගනිමිනි.
ලංකා රාජ්‍යයේ ඉතිහාසය පුරා යක්ෂයන්, නාගයන් සහ දේව වංශිකයන් අතර නොනිමි අරගලයන් තිබුණි. නාගයන් මැණික් පුටුවට යුද වදින්නට සූදානම් වන විට බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එම අරගලය සමතයකට පත් කිරීමටය. නාගයන්ගේ අරගලයට කුමක් වූවත් අපට මොකද කියා බලා නොසිටි දේව වංශිකයන්ගේ නායකයකු වූ “සුමන සමන්” ද සිය සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් වූ නාගයන් වෙත ගොස් ඔවුන් හා එක්ව බුදු රජුන් පිළිගත්තේය. පිළිගෙන උන්වහන්සේගෙන් කේශ ධාතුද ලබා ගෙන, සමනල අඩවියට වඩින ලෙස ආරාධනා කළේය. ඉතිහාසය තුළ දේවත්වයට පත්වූයේ මැණික් පුටුවට අරගල කළ චූලෝදර සහ මහෝදර නොව සුමන සමන් ය. අදත් ඔහු “සුමන සමන් දිව්‍ය රාජයා”ය.
ඉතිහාසය ලියවෙන්නේ නොබියව, අවස්ථානුකූලව තීරණ ගන්නා, ක්‍රියාත්මක වන්නාවූ මිනිසුන් වෙනුවෙනි. එබැවින් chatham street journal වෙසක් පනිවිඩය මෙයයි.
රට වෙනුවෙන් සිදු වන යහපත්දේට ගරහමින් සිටිනු වෙනුවට, යහපත් දේ කිරීමට එක්වන්න. මේ මල් වට්ටියට නොපමාව අත ගසන්න. එසේ නොකරන සියලු දෙනාට සිය ප්‍රමාදය ගැන පසුතැවීමට සිදුවනු ඇත.
-වරා