ඩිලාන් විමල් ලග තියාගෙන 13 ක්‍රියාත්මක කළ යුතු බව කියයි.

උතුරේ ජාතික ගැටළුවට විසදුම්ක ලෙස 13 වන ව්‍යවස්ථාව සම්මත කළ යුතු බව ඩිලාන් පෙරේදා අද (10) පාර්ලිමේන්තුවේදී සදහන් කොට සිටියේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනුවෙන් පැවැති විවාදයට එක් වෙමින් ඔහු මේ බව සදහන් කොට සිටි අතර
නිදහස් ජනතා සන්ධානයේ සාමාජිකයෙකු වන ඩිලාන් පෙරේරා දරණ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දරණ විමල් වීරවංශ ආසන්න අසුනේ සිටියදී මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වයය.

ඔහු එහිදී කියා සිටියේ දෙමළ අන්ත ජාතිවාදීන්ද සිංහල අන්ත ජාතිවාදීන්ද 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කළත් තමන් මුල සිට සිටි තීරණය වූයේ දේශපාලන විසදුම්ක වෙනුවෙන් අනිවාර්යෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම කළ යුතු බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ව්‍යස්ථාව ගෙන ඒම අගය කළ යුතු කරුණක් බවත් එය එලෙස ක්‍රියාත්මක වන්නේ නම් තම පක්ෂපාතීත්වය ඒ සදහා දෙනු ලබන බවද හේ වැඩිදුරටත් සදහන් කොට සිටියේය.