අක්කර 40000කට අද සිට බඩඉරිඟු බීජ නොමිලයේ.

0

මහ කන්නයේ  බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද (20) සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව ව්‍යාපෘතිය( SAPP)යටතේ අක්කර 40,000කට මෙම බීජ බෙදා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනේ අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩ ඉරිඟු බීජ නොමිලයේ දෙනු ඇති.

එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇනවුම් කර ඇතැයි ද එම යුරියා පොහොර ද බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විශේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *