අඩු අදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක්

0

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ

“රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඩු ආදයම්ලාභී පවුල් ඉන්නවා. පසුගිය අවුරුද්දේ අඩු ආදයම්ලාභී පවුල් හැටියට ලක්ෂ 28කට අපි සහල් බෙදුවා. ඒ විදිහටම දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන්, විනිවිඳභාවයකින් යුතුව පවුල් 28 ලක්ෂයකට සහල් කිලෝ 20ක් දෙවතාවකට දෙන්න. අප්‍රේල් මසයේ  කිලෝ 10කුත් මැයි මාසේ කිලෝ 10කුත්. අප්‍රේල් මාසේ කිලෝ 10 සිංහල හින්දු අලුත් අවුරද්දට ඉස්සරවෙලා ලබාදෙන්න. මැයි මාසේ කිලෝ 10 ඊළඟ මාසේ මුල් සතියේ. ඒක තමයි රජයේ උත්සාහය. මේක පුළුල් අරමුණක්. එකක් වී ගොවියාට… ඔවුන්ට ලැබෙන මිල ඉහළ දැමීම පිළිබඳ හොඳ මඟපෙන්වීමක් විවෘත වෙළෙඳපොළ තුළට. අනෙක් පැත්තෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට ආදායමක් ලබාගන්න ක්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හැටියට සහල් කිලෝ 20ක් ලබාදෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *