අත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක්.

0

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *