අද පාර්ලිමේන්තුව.

0

අද (23) පාර්ලිමේන්තුව උදෑසන 09.30ට රැස්වූ අතර පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අනතුරුව ප.ව. 6.00 ට ආගාමික හා විගාමික පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිතව ඇති අතර ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඊයේ (22) පාර්ලිමේන්තු විවාදය පැවතියේ ජනාධිපති, අගමැති හා අධිකරණ යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් ය.

එහිදී වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ දී විවාදයට ගත් අතර ඉන් පසුව සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 84ක් වෙන් කළ ද මෙවර එය මිලියන 110ක් දක්වා ඉහළ නංවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියා.

එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *