අද සිට උප්පැන්න සහතික නිකුත් කිරීම ඩිජිටල්කරණයට.

0

ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඒ අද (05) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යි.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම සහතිකය නිකුත් කෙරෙන අතර ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව උප්පැන්න සහතිකයට ඇතුළත් කර ඇති අංකය ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත් අංකය බවට පත් කර තිබෙනවා.

එම අංකය උපතේදීම ලබාදීමේ හැකියාව මෙම නව ක්‍රමවේදය තුළින් හිමිවනු ඇති.

ඒ අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබාදීමට හැකියාව ලැබෙන අතර, ඒ තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *