(IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර අද සාකච්ඡාවක්

0

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටිනවා.

06 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස, විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයාතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටිනවා.

(IMF) නියෝජිත පිරිස පසුගිය දා ජනාධිපතිවරයා හමූ වී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළහ.

මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 19 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *