අන්තිම නැකතේ- පැලයක් සිටුවේ

0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත  වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද අමරවීර මහතාගේ  ප්‍රධානත්වයෙන්   පැවැත්විණ.

පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් පැළ රෝපණය කර නැකත සමරනු ලැබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පළතුරු පැල රෝපණය කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *