ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරු 12 දෙනෙකුට පත්වීම්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වනු ඇති.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර තිබෙන්නේ.

තවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා මහත්මිය ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ මහතා ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ මහතා ද පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ මහතා ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *