අමෙරිකානු තානාපතිනිය සහ වෙළෙඳ ඇමති අතර සාකච්ඡා

0

අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඊයේ (12) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති එම සාකච්ඡාවේ දී අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වී ඇති බවයි.

ඉහළ ගොස් පවතින භාණ්ඩ මිල ගණන් අවම කිරීම සඳහාත්, උද්ධමනය වඩා අවම අගයක් කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව සිය වෙළෙඳපොළ විස්තීරණය කළ යුතු බව අමෙරිකානු තානාපතිවරිය මෙහිදී පෙන්වා දී තිබෙන්නේ.

මෙහිදී වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ වන විට වෙළෙද අමාත්‍යාංශය නිෂ්පාදන පිරිවැය අවම කිරීම, පසු අස්වනු හානිය වැළැක්වීම, නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිගේ අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් උදෙසා අවශ්‍ය නව තාක්ෂණික දැනුම හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *