අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය ඇමති කියයි.

ඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේදී රට නැවත වරක් රට අගාධය කරා නොයන ආකාරයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා  සඳහන් කළේ.

එමෙන්ම ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු අතර රාජ්‍ය වියදම අඩුකර ගනිමින් ආදායම වැඩිකර ගැනීමට මෙතරම් අවධානය යොමුකළ යුගයක් මීට පෙර නොතිබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.