අවුරුදු සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ කඩ පරීක්ෂාවට

එළ‍ඹෙන අවුරුදු සමයේ භාණ්ඩ මිලදී ගැනීමට තිබ්බොටුවාව නගරයට පැමිණෙන ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන කූට වෙළෙඳුන් ඇල්ලීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණ.
අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර්ෂ ලු‌ණුවිල මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. සී. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නදීෂ් ජයසිංහ, කේ. සී. මනම්පේරි, පී. සඳරුවන්, එස්. කාලිංග, එස්. තේනුවර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදු කළහ.