අවුරුදු 100ක් මොනවද කළේ ? 2048 දී අහගත යුතු නැත.

0

ප්‍රශ්ණයක් ගැටළුවක් අර්බුදයක් පැන න`ගින්නේ කුමක් හෝ වැරදි තත්වයක් ක‍්‍රියාත්මක වීම අනුවය. මේ විස`දාගැනීම නොහැකි වුවහොත් ඛේදවාචකවලින් වුව කෙළවර විය හැකිය. මේ නිසා ඒවා විසඳීම විය යුතුය. නමුත් ඒ විසඳීමේ දී ඒවා ඇති වූ ආකාරයට කළ නොහැක. ඒවාට ක‍්‍රම සහ විදි තිබේ. විශේෂයෙන්ම රාජ්‍යයේ සම්මත ක‍්‍රමවේදය අවුල් වූ විට නීතිමය විසඳුම් අවශ්‍ය විය හැකිය. ඒ සඳහා සකස් කළ පිළිගත් ක‍්‍රම සහ විදි තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිට අණ පනත්, රෙගුලාසි, චක‍්‍රලේඛ හෝ සම්ප‍්‍රදායයන්, ආචාරධර්ම ආදිය තිබෙන්නේ ඒ වෙනුවෙනි. රාජ්‍ය පාලකයාගේ ඇමැතිවරයකුගේ විපක්ෂ කණ්ඩායම්වලට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ අවශ්‍ය ක‍්‍රමයට හිතුවක්කාරකමට වැඩ කළ නොහැක. අධිකරණයට වුව ඒ එසේමය. රාජ්‍යය නමින් ව්‍යුහයක් සකසා රජයේ වැඩ කටයුතු සිදුවිය යුතු ආකාරය කෙසේද යන්න පැහැදිලි කර අදාළ ක‍්‍රමපද්ධති හ`දුන්වා දී ඊට මහජන අනුමැතිය ගෙන තිබෙන්නේ ඒ වෙනුවෙනි.  එසේ නොමැතිව කටයුතු කිරීම සියල්ල අවුල් ජාලාවක් කිරීමකි.

රටේ නීති පද්ධතියේ අවුලක්, යල් පැනීමක් වැනි තත්වයක් තිබේ නම් ඒවා යළි සකස් කිරීම මහජන අනුමැතියෙන් සිදු විය යුතුය. පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ වෙනුවෙන්ය. නමුත් පාර්ලිමේන්තුව තුළත් නීති සැකසීම විය යුතු පිළිගත් ආකාරයක් තිබේ. ඊට ක‍්‍රමවේදයක් තිබේ. විපක්ෂය කෑ ගහන වේගයට, කෑ ගහන තරමට ඒවා සිදු කළ නොහැක. ආණ්ඩු පක්ෂයට හෝ එලෙස හිතුවක්කාරීව කටයුතු කළ නොහැක. 

මේ අවබෝධය නොමැතිව කටයුතු කරන්න යෑම නිසා සිදු වූ අවුල් වියවුල් ද බොහෝය.

පසුගිය දිනවල ක‍්‍රිකට් ප‍්‍රශ්නයට අදාළව ක‍්‍රීඩා ඇමතිවරයාත් පාර්ලිමේන්තුවත් හැසිරුනේ ඒ විසඳිය යුතු ක‍්‍රමවේදයන් බැහැර කරමිනි. අවසානයේ මෙරටට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමකට ලක් වීම හැර එයින් කිසිවක් සිදු වූයේ නැත. ඒ තබා එය ආණ්ඩු පක්ෂය තුළද අනවශ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් කර ඇත. මේ ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් ජනාධිපතිවරයා නියමිත ක‍්‍රමවේදය අනුව කටයුතු කරමින් සිටියදී එය කඩාකප්පල් වන ලෙස කටයුතු කිරීම පැහැදිලිවම දකින්නට ලැබිණි. එසේම තවදුරටත් කි‍්‍රකට් ප‍්‍රශ්නය අල්ලාගෙන විපක්ෂය නටන නාඩගම ද අවසන් නැති වීම අවාසනාවකි.

කොහොම නමුත් පසුගියදා මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් එය විසඳීම වෙනුවෙන් පෙරගත් සහ මේ වන විට ගැනීමට සිදුව තිබෙන ක‍්‍රියාමාර්ගය පැහැදිලි කළේ මෙම අවුල ඇති වීමට හේතු සාදක ද ඉදිරිපත් කරමිනි. නමුත් එය විපක්ෂය පිළිගත්තා ද නැතිද යන්නත් අපැහැදිලිය. කෙසේ නමුත් මේ මහජන නියෝජිතයන් තමන් කෙරෙහි ඇති මහජන විශ්වාසය නොතකා කටයුතු කිරීමත් මෙහිදී  සිදුව තිබේ. මහජන විශ්වාසය කියන්නේ රාජ්‍යය පිළිගත් ක‍්‍රමපද්ධතියට අනුකූලව කටයුතු කිරීමය.  ජනාධිපතිවරයාගේ කතාව තුළ මහජන නියෝජිතයන් සතුව ඇති මහජන විශ්වාසය නැතිනම් මහජනයා කෙරෙහි ඇති වගවීම ගැනත් වැදගත් දෙයක් පෙන්වා දීමට ජනාධිපතිවරයාට සිදු තිබිණි. විපක්ෂය මේ මහජන විශ්වාසය නොතක කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ පෙර පාලකයන් රට බංකොලොත් කිරීමට කටයුතු කිරීම මෙන්ම අරගල සමයේදී රට අරාජික වී විනාශ වී යෑමට ඉඩකඩ විවර කරමින් විපක්ෂය කටයුතු කළ ආකාරයත් සිහිපත් කරමිනි. තමන්ට මහජන විශ්වාසය කෙරෙහි ඇති බැ`ඳීම නිසා ඒ මොහොතේ රට යළි

ගොඩනැඟීම වෙනුවෙන් දැවැන්ත අභියෝගයක් කරට ගෙන කටයුතු කළ ද ඒ සඳහා හෝ විපක්ෂය සහය නොදී ඊට බාධාවන ලෙස කටයුතු කළ ආකරය ද ඔහු පෙන්වා දුන්නේය. එදා විපක්ෂය කඩකළේ මහජන විශ්වාසය බව ජනාධිපතිවරයා පෙන්වා දීමට කටයුතු කළේය.

කොහොම නමුත් තමන් වෙතට එන සියලූ අභියෝග සංයමකින් යුතුව භාරගනිමින් ජනාධිපති රනිල් මේ දක්වා මහජන විශ්වාසය උල්ලංඝණය නොවන ලෙස කටයුතු කරමින් සිටී. මහජනයා වෙත ඇති වගවීම නොමැති නම් ජනාධිපති රනිල්ට මෙහෙම රාජ්‍යය නැවත ගොඩදැමීම හෝ පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත.

අද මේ වන විට මෙරට ආර්ථිකය යළි නංවාලීම වෙනුවෙන් තිබුණු විශාලම අභියෝගය ජය ගැනීමේ අවසන් ඉමට පැමිණිමට ජනාධිපතිවරයාට හැකිව තිබේ. ඒ විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙනි. ඩොලර් බිලියන පනහක හැටක පමණ දැවැන්ත ණය බරක් තබාගෙන, ඒ ගෙවීමේ හැකියාවක් මේ කපේදිවත් කළ නොහැකි බව පෙනෙන්නට තිබියදී මේ අර්බුදය විසඳීමට නිවැරදි මගක් ජනාධිපතිවරයා සොයා නොගන්නට අද රටක් කියා දෙයක් ඉතුරුවන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෙන් ඒ අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමට ඔහු සමත් විය. මේ වන විට විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජයේ යෝජනාවන්ට චීනය ඇතුළු අනෙක් ප‍්‍රධාන ණය හිමියන්ගේ එකඟතාවයන් ලැබී තිබේ. විශේෂයෙන්ම මෙහිදී දුෂ්කර අවස්ථාව වූයේ චීනය මේ වෙනුවෙන් එකඟකරවා ගැනීමය. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ දියුණු රාජ්‍යතාන්ති‍්‍රක මැදිහත් වීමෙන් චීනයෙ සහය මෙරටට ලැබී තිබෙන අතර එම යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිළිගැනීමටද ලක්ව තිබෙන බව පසුගියදා එහි ප‍්‍රධානියකු නිවේදනය කර තිබිණි. ඒ අනුව අනෙක් ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීම නුදුරු දිනෙක විය හැකි බවට සුබවාදී තැනක මුල්‍ය අරමුදල සිටින බවත්

මෙමගින් පෙන්වා දී තිබිණි. ඒ අනුව එයින් ලැබෙන ණය ගෙවීමේ කාලය කල් දමා ගැනීමේ වාසිය යොදාගෙන ශ‍්‍රි ලංකාවට යළි අලූත් හුස්මක් ගෙන නැගී සිටීමේ අස්වැසිල්ල ලැබෙනු ඇත. එම තත්වය තුළ දැනට ඇති පීඩාකාරී ආර්ථික සමාජීය තත්වයන් ක‍්‍රමයෙන් පහව යනු ඇත.

එසේම මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකයද එළැඹෙන දෙසැම්බර් මස මුල් සතිය තුළ ලැබෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වී ඇත. මුල්‍ය අරමුදල මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධ නිර්දේශයන් සමඟ රජය එකඟ වී තිබෙන අතර එයින් බොහොමයක් මේ වන විට සම්පූර්ණ කර ගැනීමට සමත්වද තිබේ. ඒ අනුව වන වර්ධනයන් ප‍්‍රකාරව මෙම දෙවන වාරිකය අනුමත වෙනු ඇත.  කොහොම නමුත් මුල්‍ය අරමූදලේ නිර්දේශ පිළිගැනීම හා ඒවා ඉටු කිරීමට රජය යම් කාලසටහන් අනුව එකඟ වී සිටියත් රට තුළ පවතින ආවේණික දුර්වලතාවයන් හමුවේ ඇතැම් කාරණ ඉටු කරගැනීම ප‍්‍රමාදව තිබේ. ඒ මෙරට පවතින ක‍්‍රමවේදයේ අවුල් වියවුල් සහගත තත්වයන් සමඟ රජයට පහසුවෙන් තීන්දු තීරණ ගැනීමට ඇති නොහැකියාවය. අනෙක් ගැටළුව විපක්ෂ කණ්ඩායම් හා ඔවුන්ගේ පතුරු සංවිධානයන් විසින් මෙය කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයය.  මෙම අභ්‍යයන්තර අභියෝගයන් ජය ගැනීම රජයට තිබෙන අමතර ගැටළුවක්ව තිබේ. කෙසේ නමුත් මේ සියල්ල වඩාත් යහපත් ලෙස බේරාගැනීමට රජය මෙතෙක් සමත්ව තිබේ. ඒවා කෙරෙන්න අවශ්‍ය ක‍්‍රම සහ විදි අනුව රජය කටයුතු කර තිබේ. හිතුවක්කාරීව කටයුතු කරනවා වෙනුවට අදාළ නිවැරදි ක‍්‍රියාමාර්ග ගැනීමට බාධා වී තිබුණු පැරණි අණ පනත් රෙගුලාසි ආදිය රටේ පවතින පිළිගත් ක‍්‍රමවේදය අනුවම නියමාකරයෙන් සංශෝධනය කරමින් හෝ නව නීති හඳුන්වා දෙමින් හෝ මේ පැටලැවිලි සහගත තත්වයන් එකින් එක ලෙහා ගැනීමට රජය සමත්ව ඇත.

මේ අනුව ඉදිරි මාස කිහිපය තුළදී අලූත් රටක් ලෙස නව ජවයකින් නැගී සිටීමට අවශ්‍ය පදනම හා පසුබිම සැකසීමට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ දේශපාලන අධිකාරිය සමත්ව ඇති බව පැහැදිලිව සටහන් කළ යුතුය. විවිධ ආර්ථික විශ්ලේශකයන් රජයේ කි‍්‍රයාමාර්ග ගැන සැක පළ කිරීම සිදුකරමින් ඇති නමුත් රජය කටයුතු කරමින් තිබෙන්නේ සියල්ල ශාක්ෂාත් කරගත හැකි පිළිවෙලට බව සැක කිරීමට අව්‍යශ නැත. මන්ද මෙලෙසම ජනාධිපති රනිල් බලයට පත්වූ දා සිට ඔහුගත් කි‍්‍රයාමාර්ග සියල්ලම පාහේ  සැක කිරීම් හා චෝදනාවලට ලක්ව තිබුණ නමුත් ඔහු පැවැසූ පරිදිම සියල්ල නිවැරදිව ඉටු කිරීමට සමත්ව ඇති බැවිණි. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ විය යුත්ත ඔහු සිදුකර තිබේ.

කොහොම නමුත් මේ මොහොතේ කවර විවේචන දෝෂාරෝපන චෝදනා විරෝධතා හා බාධාකිරීම් රජයට එරෙහිව තිබුණ ද නිවැරදි ක‍්‍රියාමාර්ගයට අවතීරණය වී රට නිවැරදි දිසාවට තල්ලූ කිරීම විය යුතුය. එය අනිවාර්ය තත්වයකි. මෙහිදී මේ වෙනුවෙන් මහජනතාවටත් යම් කැපකිරීමක් කරන්නට සිදුවීමත් අනිවාර්ය තත්වයකි. මන්ද පරණ පුරුදු විදිහ වෙනස් කරගැනීම තුළ අහිමිවීම සහ වේදනාවන්ට මුහුණ දීමට සිදුවන බැවිනි. නමුත් අලූත් බලාපොරොත්තුව වෙනුවෙන් එම කැපකිරීම අවැඩදායක වන්නේ නැත. එහි ප‍්‍රතිඵලයන් නිසැකවම ලැබෙනු ඇත.

එහෙත් ජනතාවට වන දුෂ්කරතා පීඩාවන් පවා බරපතල නොවෙන්න ජනතාවට දිය හැකි සහනයන් ලබා දීමටද රජය කටයුතු කර තිබේ.

පසුගිය පාලන සමයේ ගත් වැරදී ආර්ථික තීන්දු තීරණ නිසා පීඩාවට පත් වූ අති විශාල ජනතාවක් සිටින අතර ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් නිසා යළි පීඩාවට පත්වන පිරිසක් ද සිටී. මේ බව රජය නිවැරදිව තේරුම් ගෙන තිබේ. අස්වැසුම වැනි ඉතිහාසයේ දැවැන්තම සමාජ ආරක්ෂණ ක‍්‍රම වේදය සැකසුවේ ඒ වෙනුවෙනි. ඊටත් අමතරව තවත් සහනදායක පියවරයන් රැසක්ද ක‍්‍රියාත්මක කර තිබේ. මෙවර අයවැයෙන්ද ඒ වෙනුවෙන් යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. මේ සියල්ල කරනු ලබන්නේ රට නිවැරදි ක‍්‍රමවේදයක් ඔස්සේ අනාගතය දෙසට යායුතු වීම නිසාය. යළි අතරමං නොවී නිවැරදි පාරේ ඉලක්කයක් වෙත යායුතු නිසාය.

එමෙන්ම ඊට සූදානම් වීම අනිවාර්යයක් වන්නේ ලෝකයේ නව ආර්ථික ප‍්‍රවණතා වෙනුවෙන් හැඩ ගැසීම සහ ඒ හා සම්බන්ධ වීමත් විය යුතු බැවිණි. සිය රට දේ සිරිසැප දේ කියමින් මේ දූපත තුළට කොටුවී සිටීමෙන් රටට ලැබිය හැකි සුගතියක් නැත. විශේෂයෙන්ම මෙම ඉන්දියානු සාගර කලාපය වේගයෙන් සංවර්ධනය වෙමින් ලෝකයේ බලවත්ම නව ආර්ථික කලාපයක් බවට පත් වීම ඉදිරි දශකය තුළ අනිවාර්යක් වී ඇති පැහැදිලි තත්වයන් හමුවේ එහි ඉහළම ප‍්‍රතිලාභයන් මේ රටට අත්පත් කරගැනීම විය යුතුය. ඒ වෙන්න නම් ඊට සරිලන ලෙසින් මෙරට ආර්ථික දේශපාලනික හා සාමාජීය ක‍්‍රමවේදයන් අලූත් කරගත යුතුය. 

ජනාධිපතිවරයාගේ උත්සාහය ඒ වෙනුවෙනි. 2048 වසර වන විට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් ලෙස මෙරට ගොඩනැ`ගුම විය හැක්කේ ඒ අනුව පමණකි. ඒ සඳහා විශාල අවස්ථාවක් වටපිටාවේ නිර්මාණය වෙමින් තිබෙන බව කිසිවකුට නොපෙනෙන්න හේතුවක් නැත. නමුත් ඒ වෙනුවෙන් දැන් වැඩ කළ යුතුය. නිවැරදි දේ තොරමින් නිවැරදි ක‍්‍රියාමාර්ග ගත යුතුය. මීට පෙර රටට ලැබුණු අවස්ථා ගණනාවක් මුග්ධ ජාවාරම්කාරී දේශපාලනික වුවමනාවන් නිසා මඟහැරගෙන තිබේ. බොහෝ විට යළි මෙවැනි අවස්ථාවක් නොලැබෙනු ද ඇත. මන්ද කලාපයේම සෙසු රටවල් අධිවේගයෙන් ඉදිරියට යන විට මෙරටට කාගේ හෝ වලිගයවත් අල්ලාගැනීමට නොහැකි තරමට දුරස්වීම විය හැකි බැවිණි. 

කොහොම නමුත් මේ වෙනුවෙන් නිවැරදි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් රටට තිබීම විය යුතු අතර අද මෙරට තුළ එලෙස අනාගතවාදී දැක්මක් වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන නායකත්වය ලෙස හ`දුනාගත හැක්කේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පමණක් බව අවිවාදිතය. අද රනිල් හිටවන අඹ ඇටයේ ඵලදාව අනාගතයේදී කට කාට වුවත් හිමි කරගත් හැකි නමුත් මේ මොහොතේදී ඇඹ ඇටය විසල් වෘක්ෂයක් දක්වා ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය පෝෂණය සහ ආරක්ෂාව ලබා දීම වත්මන් පරපුරේ වගකීමය. යුතුකමය. එය අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක් විය යුතුය. ඒ අනුව අනාගත පරපුරට 100 වසරක සාපයන් ගැන කියවීමට තිබෙන අවස්ථාව ද නොලැබෙනු ඇත. 

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *