අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට යෝජනා.

0

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

එහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද යෝජනා කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ 10 වසරේ, උසස් පෙළ 12 වසරේ දී සහ අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සෑම දරුවෙකුටම අවස්ථාව ලබාදීමට ද යෝජනා කර ඇති බව සඳහන්.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටත්, 9 හා 10 ශ්‍රේණිවලදී අතිරේක විෂයයන් අනිවාර්ය කිරීමටත් නව ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළින් කිසිදු දරුවෙකු අසමත් වීම වෙනුවට උසස්පෙළ හැදෑරීමට සියලුම දරුවන්ට විෂයධාරා අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය තෝරාගැනීමට එමගින් අවකාශය සැලසෙන බව සඳහන්.

ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීන් පෙන්වාදෙනවා.

එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6- 8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇති අතර පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමටයි යෝජනා කර ඇත්තේ.

ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමට යෝජනා කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශය සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටත්, එම විෂයයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් 80,000කට අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවෙකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *