අස්වැසුම සැප්තැම්බර් මස වාරිකය හෙට සිට.

0

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට(23) සිට ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

රුපියල් මිලියන 8,571ක මුදල් මේ වනවිටත් ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා බැංකු වෙත මුදා හැර ඇති බව සදහන්.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කිරීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇති අතර නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කෙරෙනු ඇති.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කිරීටම නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *