අසිරිමත් නත්තල උදාවෙයි

0

ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල’ ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙරට කිතුනු දෙව්මැඳුරුවල නත්තල් දේව මෙහෙයන් රැසක් පැවැත්වෙනවා.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණි.

සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *