ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රවය ප්‍රතිචාර ඒකකයේ නිරීක්ෂණ සංචාරයක (ඡායාරූප)

0

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (26) දින යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රවය ප්‍රතිචාර ඒකකයේ නිරීක්ෂණය සංචාරයක නිරත වුණා.

මෙම සංචාරයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රවය ප්‍රතිචාර ඒකකයේ කාර්ය භාර්ය, බෝම්බ නිශ්ක්‍රිය කිරීම සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවත්, විවිධ තර්ජනවලට මුහුණ දීමේදී මෙම අංශයේ සූදානම සහ උපාය මාර්ගපිළිබඳවත් සොයා බැලීය.

තවද යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නිලධාරීන්ගේ එම කැපවීම පැසසුමට ලක් කරමින්, එම කාර්යය සඳහා රජයේ සහයෝගය නොමඳව ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  අවධාරණය කළා.

එහිදී ඉංජිනේරු බලකායේ සෙබලුන් විසින් රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර ඒකකයේ සහ බෝම්බ නිශ්ක්‍රිය බලඝණයේ කටයුතු සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දැක්වෙන නිදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර, මෙහෙයුම් වලදී ඔවුන් විසින් භාවිතා කරන විශේෂිත උපකරණද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම අවස්තාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමග  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් මහතාද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *