ඇෆ්ගනිස්ථානය පරදා නවසීලන්තය ජයගනී.

0

මෙවර ලෝක කුසලාන එක්දින එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 149කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 34යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 139ක්.

මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුණා.

අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Santner සහ Lockie Ferguson කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.

Trent Boult කඩුලු 2ක් දවාගත් අතර Matt Henry සහ Rachin Ravindra එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙය තරගාවලියේ නවසීලන්තය පිටපිට වාර්තා කළ 4 වන ජයග්‍රහණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *