ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වලට පරම අයිතිය.

0

ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව ප්‍රමුඛ ජනතාවට තමන් භුක්ති විඳින හෝ සංවර්ධනය කරන ලද ඉඩම් සඳහා පරම අයිතිය නොමැති වීමෙන් අදාල භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ පරිදි අදියර තුනක් යටතේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් පවුල් ලක්ෂ විස්සකට නේවාසික හා ගොවිබිම්වල පරම අයිතිය ලබාදීමට අපේක්ෂා කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *