ඉන්දියන් සාගර කලාපයේ ආරක්‍ෂාව ගැන සාකච්ඡාවක්.

0

ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉන්දියාවේ සිදුකරනු ලබන නිල සංචාරය අතරතුර,  ඉන්දීය, නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් සංජේ ජස්ජිත් සිං මහතා හමුවක් සිදු වී තිබෙනවා.

පසුගිය සඳුදා (04) පැවැති මෙම සාකච්ඡාව අතරතුරදී, ඉන්දියන් සාගර කලාපයේ ආරක්‍ෂාව, සාමය පවත්වා ගැනීම හා තර්ජන මැඩපැවැත්වීම සහ කලාපයේ සමකාලීන ගැටළු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මෙම හමුව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු සහ සමූහ ආරක්‍ෂක සම්බන්ධීකරණ සහ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී බ්‍රිගේඩියර් බී.එම්.ඒ. බාලසූරිය යන මහත්වරුන් ද සහභාගී විය.

ඉන්දීය හමුදා ප්‍රධානී විසින් යුද හමුදාධිපතිතුමන් වෙත කරන ලද ආරාධනයකට අනුව පසුගිය ඉරිදා ( 03) ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *