ඉන්ධන මිල වෙනස් වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 426ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින් අඩු වී ඇති අතර නව මිල රුපියල් 329ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 434ක් ලෙසයි.

එමෙන්ම භූමිතෙල් මිල ද රුපියල් 2කින් පහත දමා තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 247ක් ලෙසයි.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සමාන වන ලෙස IOC සහ සයිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.