එකම ස්ථානයේ දීර් ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව ගත් තීරණය.

0

විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවයි.

සෞඛ්‍ය අමත්‍යංශයේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාතත්‍යවරයා මේ පිළිබද අදහස් දැක්වුවා.

කිසියම් නිලධාරීයෙක් වැරැද්දක් කර තිබේ නම් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්‍ෂණයක් කර කටයුතු කරන බවත්  නිලධාරීන් හිතුමගේ වෙනස් කළ නොහැති අතරම බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් වියුක්ත වී තිබීම නිසා දේහපාලනඥායන්ට හෝ කැබිනට් ඇමතිවරයාට අවශ්‍ය පරිදි නිලධාරීන් වෙනස් කළ නොහැකි බවත්ය.

නිලධාරීන් වෙනස් කිරීමට සහ පත්කිරීමට ක්‍රමවේදයක් ඇති බව කී අමාත්‍යවරයා ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ආයතන සම්බන්ධ වී ඇති බව ද සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *